
රජයේ සියලු පාසල්වලට 2020 වර්ෂයට අදාළ පෙළ පොත් අධ්යාපන අමාත්යාංශය විසින් මේ වනවිට බෙදා අවසන් කර ඇති අතර, කොට්ඨාස හා පර්ෂද පාසල්වල පොත් බෙදාදීම ද අවසන් අදියරෙහි පවතියි.
පෙළ පොත් පාසල්වලට ලැබීමෙන් පසු පාසල්වල ශිෂ්ය සංඛ්යාව වෙනස්වීම හෝ ඉල්ලුම් කරන ලද සංඛ්යාවල සංශෝධන සඳහා අදාළ ඌනතා සම්පූර්ණ කිරීම මේ දිනවල සිදුකෙරෙන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.
යම් පාසලක ඌනතා පවතී නම් අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීම් අංශයේ නියෝජ්ය කොමසාරිස්වරයා (ලාල් චන්ද්රසිරි මහතා - 0112785306) අමතන ලෙස අධ්යාපන ප්රකාශන කොමසාරිස් ජනරාල්වරයා අදාල නිවේදනයේ සඳහන් කර ඇත.



















































