
පවුල් ආරාවුලක් හේතුවෙන් 49 හැවිරිදි දෙදරු පියෙකු සිය නිවස ඇතුළේම ගෙල වැල ලාගෙන මිය ගොස් තිබීමේ සිද්ධියක් කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් උල්ලඳුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස දිවි නසා ගෙන ඇති පුද්ගලයා නිතර බීමට ඇබ්බැහි වී සිටින අයෙකු බවත් සිද්ධිය වූ දිනයේදී බීමත්ව පැමිණ තම බිරිඳ සමඟ ආරාවුලක් ඇති කර ගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු රාත්‍රී කාලයේ නිවසේ බාල්කයේ ලණුවකින් එල්ලී මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බව පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය පී.බී.විජේකෝන් මහතා විසින් පවත්වනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරි සමීර ගුණසේකර මහතා විසින් පවත්වනු ලැබිය.



















































