
ජනාධිපතිවරණයේදී ලැබු ජන වරමට පටහැනිව යමින් කවරෙකු හෝ කටයුතු කරන්නේ නම් එය පරාජය කිරීමට සියලුදෙනා අවදියෙන් සිටිය යුතු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
වියත්පවුර සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජාතික වියත් පවුර සංවිධානයේ මාධ්‍යම කාරක සභා රැස්වීමක් අද (11) පස්වරුවේ මොරටුවේදී පැවැත් විය.
එම අවස්ථාවට අමාත්‍ය විමල් වීරවංශ මහතාද එක් විය.
එහිද ජාතික වියත් පවුර සංවිධානයේ සභාපති පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ද අදහස් දැක්වීය.





















































