
උඩප්පුව, කොත්තන්තිව් ප්‍රදේශයේ පුතෙකුගේ පහර දීමේන් තම පියා ජීවිතක්ෂයට පත්ව ඇති බව උඩප්පුව පොලීසිය පවසයි.
අද(09) අළුයම මේ පහර දීම සිදු කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මරණයට පත් තැනැත්තා අධික ලෙස මත් පැන්වලට හුරුවු අයකු බවත් ඔහු තම බිරිඳට කලින් අවස්ථා කිපයකදී පහර දී නිවසින් එලවා දමා තිබු බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ විරසක වී නිවසින් පිටවි ගිය බිරිඳ නිවසට පැමිණ සිටියදී මරණයට පත්වු තැනැත්තා පහර දීම සිදු කර ඇති බවයි.
ඒ අවස්ථාවේදි මරණ කරුගේ වැඩිමහල් පුත්‍රයා තම මවට පහරදීම වැලක් වා ඇති බවත් එම අවස්ථාවේදී පුත්‍රයාගේ පහර කැමට ලක්වු පියා එකවර විසිවි ගොස් නිවසේ ඇති දොරක හිස වැදී ඇති බව වාර්තා වෙයි.
එහිදි තුවාල සිදුවු බීමත්ව සිටි පිය රෝහල් ගත කරන අවස්ථාව වන විටත් මරණයට පත්වි සිටි බව කොත්තන්තිව් රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ 57 හැවිරිදි ෂෙල්ටන් පෙරේරා නැමති සිව් දරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා උඩප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන උඩප්පුව පොලීසිය විසින් සිදු කරයි.





















































