
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය.
ඒ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ දීය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන (C) සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින විභාගයට පෙනී සිටි බවත්ය.
අනිවාර්යයෙන්ම අද පෙනී සිටි ප්‍රශ්න පත්‍රය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා ගත හැකි වනු ඇති බවත් ඒ මහතා පැවසීය.
https://youtu.be/yKPf-m2Y6I4

















































