
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.
ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද(19) පෙරවරුවේ සුබ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
පුංචිබණ්ඩාර ජයසුන්දර නොහොත් පී.බී. ජයසුන්දර මහතා 2015 ට පෙර පැවති රජයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුර හොබවනු ලැබීය.

















































