
එක්සත් ජාතික පෙරමුණේ වීරකැටිය අනෝදාව පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
ඊයේ(23) රාත්‍රී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පෙරමුණෙහි වීරකැටිය අග්‍රහාර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් අනෝදාව පක්ෂ කාර්යාලයට මෙලෙස කිසියම් පිරිසක් විසින් හානි සිදුකර ඇතැයි හිටපු එත්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රීක් මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන ලද මෙම පක්ෂ කාර්යාලය ඊයේ(23) විවෘත කර ඇති අතර එදින රාත්‍රී 10.30 පමණ වන තෙක් එම පක්ෂ කාර්යාලයේ එක්සත් ජාකිත පක්ෂ ආධාරකරුවෝ රැඳි සිටි ඇති බව වාර්තා වෙයි.
රාත්‍රී 10.30න් පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක දැන්වීම් දෙකක් කඩා දමා එක් දැන්වීමක් රැගෙන ගොස් ඇති අතර, කාර්යාලයේ සවි කර තිබූ විදුලි බල්බ ද ගලවාගෙන ගොස් ඇතැයි එම කාර්යාලය පවත්වාගෙන ගිය රජිත කුමාර මහතා පවසයි.
තවද එම කාර්යාලය ඉදිරිපිට සවිකර තිබූ කොඩිවැල් සහ කොඩි කණු ගලවා ඇති අතර පක්ෂ කාර්යාලය තුළ තිබූ පුටු පෙරළා දමා තිබූ බව රජිත කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.





















































