
තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇත.
ඒ අනුව සැප්තැම්බර් 15 වනදා සිට ඔක්තෝබර් මස 15 වනදා දක්වා “තොරතුරු මාසයක්” ප්‍රකාශයට පත් කර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
තොරතුරු මාසයට සමගාමීව තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වීම දිරිගන්වන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව සඳහන්.
2016 අගෝස්තු මස 04 වනදා පාර්ලිමේන්තුව තුළ තොරතුරු දැනගැනිමේ පනත සම්මත වූ අතර මෙම පනත ලොව පනත් ශ්‍රේණිගත කිරිම් අතර සිව්වන ස්ථානයේ පසුවන බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.



















































