header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ගැටළුවක් ඇත්නම් අමාත්‍යාංශයට කියන්න
Sep 11, 201904:17 PM
ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ගැටළුවක් ඇත්නම් අමාත්‍යාංශයට කියන්න
Mobitel 1278

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ක්‍රියාවලිය තුළ කිසියම් අක්‍රමිකතාවක්, මූල්‍ය අවභාවිතයක්, වංචාවක් හෝ නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සම්බන්ධ කිසියම් පැමිණිල්ලක් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට එම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

විවිධ දේශපාලන න්‍යාය පත්‍ර අනුව පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන ඇතැම් පාර්ශවකරුවන්ට ළඟම පාසල හොඳම පාසල වැනි දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයන්හි සැබෑ ප්‍රතිලාභ හඳුනාගත නොහැකි අතර, ඇතැම් පුවත්පත් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය යොදාගනිමින් මෙම වැඩසටහන මගින් ඉදිකෙරෙන පාසල් සම්බන්ධ විවේචන සිදුකරන්නේ ද, වරින්වර පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ ද, දරුවන්ගේ අනාගතය දෙස සුබවාදී ව දකින්නට අපොහොසත් වූවන් ලෙස සඳහන් කළ හැකිය.

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටපුරා ස්ථාපිත කරමින් වඩාත් ගුණාත්මක අවස්ථා සියලු දරුවන් වෙත ළඟා කරවීමේ අරමුණින් හඳුන්වාදෙන ලද විශාලතම පාසල් සංවර්ධන වැඩසටහන ළඟම පාසල හොඳම පාසල වන අතර, ඒ යටතේ දිවයිනේ ජාතික හා පළාත් පාසල් 9064ක් තුළ වැඩ ව්‍යාපෘති 18000ක් යටතේ රුපියල් මිලියන 65000ක මූල්‍ය ආයෝජනයක් මගින් භෞතික, යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනයට කටයුතු කරනු ලැබේ.

මේ යටතේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති පළාත් පාසල් සංඛ්‍යාව 8782කි. ජාතික පාසල් සංඛ්‍යාව 282කි.

මේ වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කොට විවෘත කර ඇති පාසල් ගොඩනැගිලි සංඛ්‍යාව අතරින් නව ගොඩනැගිලි 950ක් එකවර අදියර තුනක දී සිදුකරන ලද විවෘත කිරීම් ලෙස සිසු අයිතියට පත් කෙරිණි. ( පළමු අදියර 200ක්, දෙවැනි අදියර 250ක්, තෙවැනි අදියර 500ක් වශයෙන්)

මේ වනවිට (2019 අගෝස්තු 31 දින වනවිට) සංවර්ධන අවශ්‍යතා සඳහා පාසල් වෙත රුපියල් මිලියන 35,539ක මූල්‍ය ප්‍රතිපාදන මුදාහැර ඇත.

ඒ අනුව, 2016-2020 දක්වා සිවුවසරක ව්‍යාපෘති කාල රාමුව තුළ ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහනෙහි සමස්ත මූල්‍ය ප්‍රතිපාදනයෙන් 65%ක් මේ වනවිටත් පාසල් පද්ධතිය වෙත නිකුත් කර අවසන් ය.

ආරම්භ කර ඇති සමස්ත ව්‍යාපෘති අතරින් 82%ක වැඩ අවසන් කර ඇත.

මෙම වැඩසටහනට පාසල් තෝරාගැනීම සිදුකරනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන ලද නිර්ණායක මත පදනම් ව, සංවර්ධන අවශ්‍යතා දැඩි ව පවත්නා පාසල් කෙරෙහි ප්‍රමුඛතාව ලබාදෙමින් පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවල සංවර්ධන හා සැලසුම් අධ්‍යක්ෂවරුන් මගිනි.

මෙම සංවර්ධන වැඩසටහන සඳහා මධ්‍යම රජය විසින් විසින් අදාළ එක් එක් පළාත් පාසල් වෙත මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමෙන් අනතුරුව, ටෙන්ඩර් කැඳවීමේ සිට සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ පූර්ණ මැදිහත්වීම මත සිදුකෙරේ.

ගොඩනැගිලි ඉදිකිරීමේ දී නියමිත ප්‍රමිතියට අනුකූලව ඉදිකිරීම් සිදුකරන්නේ ද, කොන්ත්‍රාත්කරුවන් විසින් වැඩ ප්‍රමාද කිරීම, තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නොගැනීම ඇතුළු ක්‍රියාවලියෙහි යම් දෝෂයක්, අක්‍රමිකතාවක් හෝ මූල්‍ය වංචාවක් සිදුවන්නේ ද යන්න පිළිබද වගකීම පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත පැවරෙයි.

මෙම සංවර්ධන ක්‍රියාවලියේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ අවබෝධතා ගිවිසුමකට ද එළඹ සිටී.

එමෙන් ම මෙම වැඩසටහන යටතේ එක් එක් පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීම්, අලුත්වැඩියාකිරීම්, යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඇතුළු සමස්ත සංවර්ධන ක්‍රියාවලිය සිදුකෙරෙන ආකාරය පිළිබඳ අධීක්ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෑම අධ්‍යාපන කාර්යාලයක ම තාක්ෂණ නිලධාරීන් පත්කර සිටියි.

පළාත්, සහ කලාප මට්ටමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ඉටු නොවන්නේ නම් ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයා වෙත දැනුම්දීමට අවස්ථාව සලසා ඇත්තේ මෙම ව්‍යාපෘතියෙහි අවසන් සංවර්ධන ප්‍රතිලාභ දරුවන් වෙත නිවැරදිව ළඟාකරවීම ප්‍රමුඛ කාර්යයක් වන හෙයිනි.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය මඟින් ගතවූ දින 1200කට ආසන්න කාලය (වසර තුනහමාරකට) තුළ මෙරට පාසල් පද්ධතියට තුළ සුහුරු පන්තිකාමර, දෙමහල් තෙමහල් ගොඩනැගිලි, ගුරු විවේකාගාර, විදුහල්පති නිල නිවාස, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, පරිගණකාගාර, සෞන්දර්ය ඒකක, ක්‍රීඩා සංකීර්ණ, ඇතුළු නව ගොඩනැගිලි 1400කට අධික ඉදිකිරීම්, 5000කට ආසන්න ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් මෙන් ම ජලය, විදුලිය සනීපාරක්ෂාව ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයටත්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙත දේශීය හා විදේශීය පුහුණු අවස්ථා සම්පාදනය කර දීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සංවර්ධනයටත් දැවැන්ත මෙහෙවරක් ඉටු කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

Lassana Flora
Spotlight
බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්