
පොලිස් සුනඛයින් හා පොලිස් නිළධාරීන් යොදා වව්නියාව රෝහල භූමිය අද (11) දහවල් පරීක්ෂා කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
වව්නියාව ආරක්ෂක අංශ පවසා ඇත්තේ රෝහල් භූමියේ ආරක්ෂාව පරීක්ෂා කිරීම වෙනුවෙන් එලෙස සිදු කළ බවයි.
වව්නියාව රෝහලේ වාට්ටු සංකීර්ණ, රෝහල් භූමියේ ගොඩනැගිලි ආදි සියළු ස්ථාන මෙන්ම රෝගීන්ගේ ගමන් මලුපවා පරීක්ෂා කිරීම එහිදි සිදු කර ඇත.
වව්නියාව ආරක්ෂක අංශ පැවසුවේ පරීක්ෂා කිරීම්වලදි සැක කටයුතු කිසිවක් හමුනොවු බවයි.
මීට පෙර අවස්ථා කිහිපයකදීද වව්නියාව රෝහලේ බෝම්බ පවතින බවට වන සැකයක් හේතුවෙන් රෝහල් භූමිය පරීක්ෂා කළ අතර,එහිදීද රෝහල තුළින් කිසිවක් හමු නොවිණ.





















































