
අද (13) සවස පැවති දැඩි වර්ෂාවත් සමඟ ඇතිවු අකුණු සැරයකින් දුම්බර මිණිපුර ප්‍රදේශයේ වයස අවුරුදු 20 ක තරුණයෙක් මිය ගොස් ඇත.
අකුණු සැර පවතින අවස්ථාවේ මෙම තරුණයා ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් සිටි බවට කරුණු අනාවරණය වී තිබේ.
මේ වන විට මළ සිරුර ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මේ අතර අද දවස පුරා රත්නපුර ප්‍රදේශයට පතිත වු දැඩි වර්ෂාව හේතුවෙන් කළු ගඟ අවට පහත් බිම් සියල්ල යට වෙමින් පැවතින බව සඳහන්.
ඒ අනුව කිරිඇල්ල - අයගම මාර්ගයේ පහළ ගලතුර ප්‍රදේශය ගංවතුරෙන් යට වීම හේතුවෙන් ප්‍රවාහාන කටයුතු වලට බාධා සිදුව තිබේ.



















































