
එළඹෙන දෙසැම්බර් 09 වනදා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් අනිවාර්යෙන්ම දිවුරුම් දෙන්නේ ගොඨාභය රාජපක්ෂ මහතා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක වශයෙන් පත්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා අද (13) රාත්‍රියේ අලවතුගොඩ නගරයේ පැවැති ජන හමුව අමතමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා එසේකීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නියම සුදුස්සාට සුදුසු තැන ලැබී ඇති බව ප්‍රකාශ කර ඇති බවත් එතුමට එය තේරුම් ගන්නට අවුරුදු දහයක්ම ගතව ඇති බවත්ය.
රටක ජාතික ආරක්ෂාව සපයන්න පුළුවන් කාටද කියා එතුමා දන්නා බවත් ඉදිරියෙදී එතුමත්ද මේ වේදිකාවේ වාඩි වනු ඇති බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී තව දුරටත් පැවසීය.





















































