
ජනමාධ්‍යයට ඉදිරිපත් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ සත්‍ය පිටපත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේරත්න මහතා මේ බව අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේරත්න මහතා මේ බව පැවසීය.
හිටපු ආරක්ෂක ලේකම්ගේ පුරවැසිභාවය පිළිබඳ තිබු සියලු බාධා අද ඉවත්වෙලා. සිංගප්පුරුවේ සිට පැමිණෙන විට. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසන්න. මොන ගුවන් ගමන් බලපත්‍රයෙන් ද.
අද ජාතික පුවත්පත් දෙකක. පුරවැසිභාවය ගැන සැකයක් තිබුණා නම්. සැකය අද සිට දුරුවේවි. එ.ජා.ප.යට අවශ්‍ය පිළිතුරු අද ලැබිලා. මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට අපි අභියෝග කරනවා. ඇමති රවී කියන පරිදි. නියෝජ්‍ය නායකගේ සා/පෙළ සහතිකය ඉදිරිපත් කරන්න“





















































