
පාසැල් ගමන අතහැර දමා මාස දෙකක කාලයක සිට සිය මව සොයා රට වටේ ඇවිදින දස හැවිරිදි පුතෙකු පිළිබඳව අද දෙරණට වාර්තා විය.
අද (17) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ දී සිය මව සොයා යමින් සිටි මෙම පුතුව අද දෙරණ වාර්තාකරුට හමු වී ඇත.
සිය මව සොයා දෙන්නැයි මෙම දස හැවිරිදි දරුවා ඔහුගේ මිත්තණිය සමඟ මාධ්‍යවේදින්ගේ සහයෝගය පතා දඹුල්ලට පැමිණි තිබේ.
තමාගේ මව මාස දෙකක පමණ කාලයක සිට ආගිය අතක් නොමැති නිසා තම මව සොයාදෙන ලෙස ඉල්ලීමක් මෙම පුතුන් ඉල්ලීම් කරයි.
මෙලෙස සිය අනාගතයද පරදුවට තබමින් දස හැවිරිදි සුපුන් ලක්ෂාන් පුතුන් ඉල්ලන්නේ සිය මව් සෙනෙහස නොවේද?
මෙම පුංචි පුතුන් පදිංචිව සිටින්නේ දඹුල්ල ලෙනදොර සේරුගස්යාය ප්‍රදේශයේය.
සිය මිත්තණිය වන බී.ජී .රංමැණිකේ මහත්මිය සමඟ පැමිණි දස හැවිරිදි දරුවා සිය මවගේ ඡායාරූපයක් පෙන්වමින් කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී තම මව ගැන කිසිඳු තොරතුරක් නොමැති වු බවයි.
එමෙන්ම එම් .එම් .කමලා රංජනී (37) හැවිරිදි තම මව පිළිබඳව සොයා දෙන්නැයි ඉල්ලා නවුල ,මැදිරිගිරිය, සහ දියසෙන්පුර යන පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කළ බවද ජ අද දෙරණ වාර්තාකරුට පවසා ඇත.
කුඩා කාලයේ සිටම පියා අහිමිව සිය මිත්තණියත් සමඟ ජීවත් වූ බවත් ඔහු සඳහන් කළේය.
මෙම දරුවාගේ මිත්තණිය වන රංමැණිකේ මහත්මිය හඬා වැටෙමින් කියා සිටියේ තම දියණිය කිසිමදාක මේ ආකාරයෙන් අතුරුදන් වීමක් හෝ දරුවාට සහ තමාට ආහාර ලබා ගැනීමට මුදල් ලබා නොදී සිට නොමැති බවයි.
කිසියම් කරදරයක් සිදුවූයේද යන්න තමා සැකකරන බව ඇය හඬා වැටෙමින් පවසයි.
මෙම දෙදෙනා කමලා රංජනී යන අයගේ ඡායාරූපයක් පෙන්වමින් යන අතරමගදී කියා සිටියේ මෙවැනි මෙම ඡායාරූපයේ සිටි අයෙකු සිටීනම් ඔවුන්ගේ පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙසය.
එමෙන්ම කුලී වැඩක් කරමින් ජීවත්වන සිය දියණිය සොයා ඇවිදීමට මුදල් නොමැතිකම නිසා මාධ්‍යවේදීන් සොයා සහයෝගය පැතීම සිදු කළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ඡායාරූපවල සඳහන් සුපුන් ලක්ෂාන්ගේ මව පිළිබඳව තොරතුරක් ඇතොත් 0 7 6 2 1161 9 3 අංකයට දැනුම් දිය හැකියි.

















































