
ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ සැමෝවා කණ්ඩායම අතර ඊයේ(16) පැවති තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.
ඒ ලකුණු 65ට 55ක් ලෙසයි.
සිංගප්පූරුව හමුවේ ලද ජයගත් සමඟ ශ්රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට පිවිසියේ ජයග්රාහී මානසිකත්වයක් ඇතිවයි.
ඒ අනුව ආරම්භ වු තරගයේ පළමු කාර්තාව ලකුණු 17ට 13ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම පෙරමුණ ගත්තේ
එහෙත් තරගයේ දෙවන කාර්තුවේදී ක්රියාත්මක වු සැමෝවා ක්රීඩිකාවන් එම කාර්තාව ලකුණු 19ට 10ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වුණේ ලකුණු 32ට 27ක් ලෙස සැමෝවා කණ්ඩායම ඉදිරියෙන් තබමින්.
තරගයේ තුන්වන සහ සිව්වන කාර්තුද පිළිවෙලින් ලකුණු 17ට 13ක් සහ 16ට 15ක් ලෙස ජය ගැනීමටද සැමෝවා ක්රීඩිකාවන් සමත් විය.
ඒ අනුව තරගය ලකුණු 65ට 55ක් ලෙස ජය හිමි කර ගත්තේ සැමෝවා කණ්ඩායමයි.



















































