
රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරය සඳහා හෙට (13) දිනයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි.
ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්.රත්නායක මහතා සඳහන් කළේය.
දෙවන පාසල්වාරය සඳහා 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංතිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වැනිදා ආරම්භ කෙරුණි.
ආරක්ෂ පියවරක් ලෙස එක ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් හෙට දිනය දක්වා විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.
ඒ අනුව සියලු පාසල්වල ආරක්ෂාව සදහා නිසි වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ආර්.එම්.එම්.රත්නායක මහතා සඳහන් කළේය.





















































