
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.
අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා මෙලෙස මාර්ග තාවකාලිකව වසා දැමු බවයි.
අදාළ මෝටර් රථය ගුවන් තොටුපළ දෙසට ධාවනය වෙමින් තිබියදී ආරක්ෂක අංශ විසින් එය නවත්වා පරීක්ෂාවට ලක්කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදු කරයි.
මේ සම්බන්ධයෙන් තහවුරු කරගත් විශ්වසනීය තොරතුරු ගෙන ඒමට අද දෙරණ සුදානම්.
මේ වන විට සමාජ මාධ්‍ය ජාලය සහ විවිධ කටකතා ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් අප කිසිවක් වාර්තා නොකරන අතර සැම විටම අප වාර්තා කරන්නේ තහවුරු කරගත් සත්‍ය තොරතුරු පමණයි.



















































