
මෙරට සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලට වගකිවයුතු සංවිධානය සහ අයි එස් සංවිධානය අතර සබඳතා පවතින්නේදැයි සැකයක් පැවති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අයි එස් සංවිධානය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාරගැනීම අගමැතිවරයා පිළිගන්නේදැයි විදෙස් මාධ්‍යෙව්දීන් අද(23) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එමෙන්ම අදාළ සැකකාර සංවිධානය අයි.එස් සංවිධානයට සමඟ සම්බන්ධකා ඇති බවට සැකයක ඇති බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.





















































