header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ප්‍රහාර සිදුවිය හැකි ආකාරය හා තැන් ගැන බුද්ධි අංශ ප්‍රධානියා පොලිස්පතිව කලින්ම දැනුවත් කරලා
Apr 23, 201907:40 PM
ප්‍රහාර සිදුවිය හැකි ආකාරය හා තැන් ගැන බුද්ධි අංශ ප්‍රධානියා පොලිස්පතිව කලින්ම දැනුවත් කරලා
Mobitel 1278

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඇතුළු පිපිරීම්වලට ප්‍රථම නිකුත් කෙරුණු අනතුරු ඇඟවීම් ලිපි පිළිබදව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.

අද දෙරණට අනාවරණ වූයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මාස හතරකින් ආරක්ෂක කවුන්සිල රැස්වීමට කැඳවා නොමැති බවයි.

පසුගිය 9 වැනිදා ජාතික බුද්ධි අංශ ප්‍රධානි ඒ.එන්. සිසිර මෙන්ඩිස් මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත අතිශය රහසිගත ලිපි කට්ටලයක් යොමු කර තිබුණි.

ඒ, ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ සහරාන් හෂ්මි සහ ඔහුගේ අනුගාමිකයින් විසින් කෙටි කාලයක් තුළ මෙරටදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවට පවසමින්.

පොලිස්පතිවරයාට යොමුකළ එම ලිපියේ සඳහන්ව තිබුණේ, සැළසුම් කර ඇති ප්‍රහාරවල ඉලක්ක ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ මෙරට ප්‍රධාන ක්‍රිස්තියානි දේවස්ථාන ඇති බවයි.

එමෙන්ම අදාළ ප්‍රහාර එල්ල විය හැකි ආකාරයන් පිළිබදව ද ජාතික බුද්ධි අංශ ප්‍රධානි ඒ.එන්. සිසිර කුමාර මහතා විසින් පොලිස්පතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් කර තිබුණි.

සිසිර කුමාර මහතාගේ ලිපියේ සඳහන් වූයේ මරාගෙන මැරෙන ප්‍රහාර, අවි ආයුධ, තියුණු ආයුධ සහ ට්‍රක් රථ භාවිත කර මෙම ප්‍රහාර එල්ල විය හැකි බවයි.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ලෙස හඳුනාගෙන ඇති සහ්රාන් හෂ්මි, ජල් අල් කයිතාල්, රිල්වාන්, සජීඩ් මවුලවි, ෂහීඩ්, මිල්හාන් ඇතුළු පිරිසක් ඒ සඳහා සූදානමින් සිටින බවට අදාළ ලිපියෙන් අනාවරණ කර තිබුණි.

අදාළ ලිපිය එදිනම පොලිස්පති කාර්යාල වෙත භාර දී ඇති බවට සනාථ වන්නේ මෙම දින මුද්‍රාවෙන්.

එදිනම පොලිස්පතිවරයා ත්‍රස්ත ප්‍රහාරයේ අනතුරු ඇඟවීම් ලිපිය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ට යොමුකර තිබේ.

පොලිස්පතිවරයා විසින් යොමුකළ ලිපිය පදනම් කරගනිමින් පවතින තත්ත්වය පිළිබඳව විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා ආරක්ෂක ප්‍රධානීන් පස්දෙනකු ලිඛිතව දැනුවත් කර තිබුණි.

ඒ, ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්ෂක කොට්ඨාසය සහ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය 4 හි අධ්‍යක්ෂවරුන්ට සහ තානාපති ආරක්ෂක කොට්ඨාසයේ මෙන්ම විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාස 5 හි වැඩබලන අධ්‍යක්ෂවරුන්ටයි.

ප්‍රියලාල් දසනායක මහතා යොමුකරන ලද එම ලිපියේ සඳහන් වූයේ අදාළ කොට්ඨාස මඟින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන්ගේ සහ ස්ථානවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් හා සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙසයි.

දින 12 ක් තිස්සේ ප්‍රහාර සම්බන්ධනේ අනතුරු ඇගවීම් ලිපි ආරක්ෂක ප්‍රධානීන් අතර හුවමාර වෙද්දී පසුගිය 21 වැනිදා බෝම්බ ප්‍රහාර එල්ල වනවා.

එම ප්‍රහාරවලින් පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යළි තම නිලධාරීන්ට ලිපියක් යොමුකරමින් විමසීමක් කරනු ලබයි.

ඒ තමා එවන ලද අනතුරු ඇගවීමේ ලිපි සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදව ලබන 25 වැනිදාට පෙර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින්.

එම ලිපි ඊයේ වන විට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ට යොමු කර තිබේ.

කාලයක් තිස්සේ රට තුළ දරුණු අපරාධ රැල්ලක් නිර්මාණයවෙමින් තිබියදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මාස 4ක් තිස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට කැදවා නොතිබුණු බව අද දෙරණට වාර්තා විය.

මාස හතරකට පසුව පොලිස්පති ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවා තිබුණේ ඊයේ දිනයේදීයි.

මේ අතර මෙම ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ දැයි විදෙස් මාධ්‍යෙව්දියෙකු ඊයේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ, තමන් ඒ පිළිබදව දැන සිටි බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ