header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
සිදුවු පිපිරීම්වලට සැකකරුවන් 40ක් අත්අඩංගුවට-දිවයින පුරා සෝදිසි මෙහෙයුම්
Apr 23, 201907:24 PM
සිදුවු පිපිරීම්වලට සැකකරුවන් 40ක් අත්අඩංගුවට-දිවයින පුරා සෝදිසි මෙහෙයුම්
Mobitel 1278

ස්ථාන අටකදී සිදු වූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 40 දෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මාර්ගයේ වාහන නවත්වා තබා යන්නේ නම් හිමිකරුගේ දුරකතන අංකය එහි ප්‍රදර්ශනය කර තබා යන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉකුත් ඉරිදා පිපිරීම් මාලාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සහ එම ප්‍රහාරවල සැලසුම් පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට ආරක්ෂක අංශ අනාවරණ කරගනිමින් සිටියි.

ඒ අනුව දෙහිවල නවාතැන් පොලකදී බෝම්බය පුපුරුවාගත් පුද්ගලයා මහනුවර වෙල්ලම්බඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් හලීව් ජමීල් මොහොමඩ් නැමැත්තෙකු බවට මේ වන විට ආරක්ෂක අංශ හදුනාගෙන තිබේ.

අදාළ පුද්ගලයා දෙහිවල කතෝලික පල්ලියේ බෝම්බය පිපිරවීම සඳහා පැමිණ ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත.

බෝම්බකරු බෝම්බයද රැගෙන වැල්ලවත්ත ප්‍රදේශයේ සිට ත්‍රීරෝද රථයකින් දෙහිවල නවාතැන්පලට පැමිණ ඇති අතර නැවත එහි සිට ත්‍රීරෝද රථයකින් දෙහිවල කතෝලික පල්ලිය කරා ගොස් තිබේ.

කෙසේ වෙතත් වාර්තා වන්නේ ඔහු කිසියම් හේතුවක් මත නැවතත් නවාතැනට පැමිණි අවස්ථාවේ මෙම පිපිරීම සිදු කරගෙන ඇති බවයි.

බෝම්බකරු එලෙස ගමන්ගත් එම ත්‍රිරෝද රථ දෙකම මේ වන විට දෙහිවල පොලිසිය භාරයට ගෙන ඇති අතර එහි රියදුරන්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව බෝම්බකරු නවාතැන්ගෙන සිටි ලැගුම්හලේ හිමිකරුද මේ වනවිට පසුවන්නේ පොලිස් අත්අඩංගුවේයි.

මේ අතර දෙහිවල කතෝලික දේවස්ථානය අසළ සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙකු අද දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දෙමටගොඩ ප්‍රදේයේ පංදිංචිකරුවෙකු බවට තොරතුරු හෙළි වී තිබේ.

මෙවන් පසුබිමක දිවයිනේ ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

නොච්චියාගම නගරයේ ඉන්දන පිරවුම්හල අසළ නිවසක තිබී පුපුරනද්‍රව්‍ය රැසක් නොච්චියාගම පොලිසිය විසින් සොයාගත් අතර කිලෝ ග්රූම් 25ක් බරැති ඇමෝනියා මිටි 23ක්,වෝටර් ජෙල් කරල් 314ක්, රතුපැහැති සාමාන්‍ය සේව නූල් රෝල් 46ක්, තැබිලි පැහැති සාමාන්‍ය සේව නූල් රෝල් 18ක් සහ කඩුවක් ඒ අතරට ඇතුළත්.

මෙහිදී නිවසේ හිමිකරු ඇතුලුව 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වෙයි.

මේ අතර කොළඹ කිංස්බරි හෝටලයේ රථගාල ආසන්නයේ තිබු යතුරුපැදියක් ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අද පරීක්ෂාවට ලක්කරනු ලැබු අතර අදාළ යතුරුපැදියේ පුපුරණ ද්‍රව්‍ය නොතිබු බව තහවුරුවී තිබුණි.

පසුගිය 21 වනදා එක් පිපිරීමක් සිදුවු දෙමටගොඩ ප්‍රදේශයේ නිවස අද පූර්ණ පරීක්ෂාවකට ලක්කර තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් එම සෝදිසි සිදුකර තිබු අතර ඊට පොලිස් නිල සුනඛ ඒකකයේද සහය ලබාගෙන තිබුණි.

එහිදී අදාළ නිවස අවට පිහිටි තවත් නිවාස කිහිපයක්ද පරීක්ෂා කර තිබේ.

මේ අතර පිටකෝට්ටේ මංසන්දියේ නවතා තිබූ සැකකටයුතු මෝටර් රථයක් පිළිබදව ලැබුණු තොරතුරක් අනුව බෝම්බ නිශ්ක්‍රීය අංශය සහ පොලිසිය එම ස්ථානයට පැමිණ ජනතාව එම ස්ථානයෙන් වත් කර වාහනය පරීක්ෂා කරනු ලැබීය.

වාහනයේ දොර කඩා සම්පූර්ණයෙන් එය සෝදිසි කල අතර සැකකටයුතු කිසිවක් එහිදී හමු වූයේ නැහැ.

මහනුවර නගරයේ හරස් වීදීයක දින කිහිපයක සිට සැකකටයුතු අයුරින් නවතා තිබූ ත්‍රීරෝද රථයක් පිළිබඳවද 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එම ත්‍රී රෝද රථය පරික්ෂාවට ලක් කළේය.

එහිදි එම ප්‍රෙද්ශයේ අවට සිටි පිරිස ඉවත් කිරීමට පොලිසිය පියවර ගත් අතර ත්‍රී රෝද රථයේ හිමිකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.

එම ත්‍රීරෝද රථය මීට මාස කිහිපයකට පෙර කුළි පදනම මත තමන් ලබා ගෙන ඇති බව නෙදර්ලන්ත ජාතිකයෙකු එම අවස්ථාවේදී එහි පැමිණ පොලිසියට ඒ පිළිබඳව දැනුම් දුන්නේය.

එසේම පසුගිය 21 වනදා අලුයම් කාලයේ මාතර හිත්තැටිය රජමහා විහාරස්ථාන භූමියේ නවතා දමා ගොස් තිබූ බස් රථයක් පිළිබඳව යුද හමුදා නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු යුද හමුදා නිලධාරීන් පැමිණ එම බස් රථය පරික්ෂා කළේය.

පරික්ෂාවෙන් අනතුරුව බස් රථයේ පුපුරණ ද්‍රව්‍ය කිසිවක් නොමැති බවට තහවුරු කරීමෙන් පසු බස් රථය පොලිස් නිලධාරීන් විසින් මාතර පොලිසිය වෙත රැගෙන යනු ලැබීය.

පාදුක්ක දිසා රෝහල ආසන්නයේ අද උදෑසන සිටම එංජිම ක්‍රියාත්මක කරමින් නවතා තිබූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවා එය පරීක්ෂාවකට ලක් කරනු ලැබීය.

එහි සැකකටයුතු කිසිවක් නොතිබූ අතර එම මෝටර් රථය පාදුක්ක පොලිසිය භාරයට ගැණුනි.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහල, නගරයේ සියලුම මුස්ලිම් දේවස්ථාන, මගී ප්‍රවාහන බස්රථ,කඩසාප්පු අද විශේෂ පරීක්ෂාවකට ලක්කෙරුණි.

නවම් මාවත පෞද්ගලික බැංකුවකට අද උදෑසන පාර්සලයක් සමග පැමිණි පුද්ගලයෙක් එම පාර්සලය නොමැතිව බැංකුවෙන් පිටව ගිය බවට කළ දැනුම් දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ එම බැංකු පරිශ්‍රය සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කළේය.

නමුත් සැක කටයුතු කිසිවක් එහිදී හමු වී නැහැ.

මේ අතර කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට තිබු සැකකටයුතු පාර්සලයක් ඊයේ පොලීසිය පරික්ෂාවට ලක් කළේය.

පසුව අනාවරණය වුයේ එහි තිබී ඇත්තේ පාර්සල් කරන ලද කොන්ක්‍රීට් ගඩොලක් බවයි.

මෙලෙස ජනතාව නොමග යවන කටයුතු කිරීමේන වළකින ලෙස පොලිසිය ජනතාවගේන ඉල්ලා සිටියි.

මේ අතර සැකකටයුතු ලෝරි රථයක් හා කුඩා වෑන් රථයක් පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කොළඹ දිසාවේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය අද සවස නිවේදනය කළේය.

කෙසේවෙතත් මාර්ගයේ වාහන නවතා තබා යන්නේ නම් හිමිකරුගේ දුරකතන අංකය ලියා එහි ප්‍රදර්ශනය කර යන ලෙසත්, කාර්මික දෝෂයකට ලක්වු වාහනයක් අතරමග දමා යන්නේ නම් ඒ පිළිබදව ළඟම තියෙන පොලිසිය දැනුම්වත් කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම සැකකටයුතු වාහනයක් ,පුද්ගලයකු හෝ සිද්ධියක් පිළිබඳ තොරතුරු ඇතොත් 116 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

ආසියානු ක්‍රීඩා උලෙළ ජපානයේදී අද ඇරඹෙයි - ශ්‍රී ලංකාවෙන් 150ක් | Ada Derana

අභාවයට යන බෙර කර්මාන්තය - ''අපිට ගස් කපලා ගේන්න බෑ..පොලිසියෙන් අල්ලනවා'' | Ada Derana

රනිල් කියන ථේරවාදී වෙළෙඳ ආර්ථිකය | Ada Derana

''මේක මුළු රටම ජවිපෙ ආණ්ඩුවේ සදාකාලික වහලුන් කරන උත්සාහයක්'' | Ada Derana

 යාපනයේදී මහමග ඇද වැටී මිය ගිය තරුණයා.....

මාළු අල්ලන්න මිල්ලත්ත ඇලට ගිය පාසල් සිසුවා දියේ ගිලී අතුරුදන්

 අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

අනෝජන් වෙනුවෙන් පෙරට ආ මනෝ....

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න