
මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙයට එක් ව සිටිය දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් මීගමුව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු වෙත අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (23) උදෑසන එම නිවෙස් වෙත ගොස් තිබේ.
මිය ගිය අයගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා, එම පවුල්වල ඥාතීන් වෙතත්, ප්‍රදේශවාසින් වෙතත් සමස්ත කිතුනු බැතිමතුන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.



















































