
පසුගියදා එල්ලවූ බෝම්බ ප්රහාර නවසීලන්ත ක්රයිස්චර්ච් ප්රහාරයට ප්රතිප්රහාරයක් ලෙස ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් එල්ලකළ ප්රහාරයක් බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවත්,එම ප්රහාරය සිදු කරන ලද අන්තවාදී කණ්ඩායම් තවුෆීක් ජමාද් නැමති සංවිධානය ද තවත් සංවිධානයක් සමඟ සමීප සම්බන්ධතා ඇති බවට හෙළි වී ඇති බව ද අමාත්යවරයා මෙහිදී පැවසීය.
මෙවැනි ඉස්ලාම් අන්තවාදී සංවිධාන වහාම තහනම් කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළ අමාත්යවරයා එහි සමාජිකයින් නීතියේ හමුවට ගෙන ආ යුතු බව ද පැවසීය.
එමෙන්ම ලංකාව තුළ ක්රියාත්මක වන සියලු අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළ අමාත්යවරයා, ඔවුන්ට අයත් නිශ්චල හා චංචල දේපල රාජසන්තක කළ යුතු බව ද අමාත්යවරයා සඳහන් කළේය.
එසේ සිදු කිරීමෙන් පමණක් ජාතික ආරක්ෂාව රැක ගත හැකි බව ද පැවසු අමාත්යවරයා, මෙවැනි අන්තවාදී කණ්ඩායම්වල බියගුළු ක්රියාවන් හේතුවෙන් රටේ සාමකාමී මුස්ලිම් ප්රජාව දෙස සැකෙන් බැලීම සිදු නොකළ යුතුයි යනුවෙන් ද අවධාරණයෙන් යුතුව පැවසන බව ද කියා සිටියේය.
මේ වන විට මෙම ප්රහාරයට අදාළව බොහෝ මුස්ලිම් පාර්ශව දැනට සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබා දී ඇති බවත් ඔවුන් විසින් මෙම අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගැනීමට ආරක්ෂක අංශ දිරිමත් කරමින් සිටින බව ද වාර්තා වෙයි.
රටවාසී සියලු දෙනාගෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට දායක වන ලෙස ද රුවන් විජේවර්ධන මහතා ඉල්ලීමක් කළේය.


















































