
අද (22) පෙරවරු 6.00ට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ජනතාවට සාමාන්‍ය පරිදි දෛනික කටයටුතු වල නිරත වීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
පාසල් වල දෙවන වාරය අද ආරම්භ කිරීමට නියමිතව තිබුණද, රජයේ සහ පුද්ගලික සියලු පාසල් අද සහ හෙට (23) දෙදින වසා දැමීමට තිරණය කර තිබේ.
සියලු විශ්වවිද්‍යාල වල අධ්‍යයන කටයුතු ද නැවත දැනුම් දෙනතුරු අත්හිටවු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවසුවේය.
අද පැවැත්වීමට නියමිතව තිබු විදුහල්පති සේවය සඳහා වු ඉංග්‍රිසි භාෂා පරික්ෂණය, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසන් විභාගය , ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගද දින නියමයක් නොමැතිව කල් දැමු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර ශ්‍රි ලංකා කොටස් වෙළඳපළ ගණුදෙනු කටයුතු සඳහා අද ක්‍රියාත්මක නොකරන බව ශ්‍රි ලංකා සුරැකුම් පත් සහ විනිමය කොමිශන් සභාව ප්‍රකාශ කළේය.





















































