
අද වන විට දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා විපක්ෂයේ මන්ත්රීවරුන්ට නොයෙක් ආකාරයේ නඩු පවරා ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අවිස්සාවේල්ල ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේබව බව ප්රකාශ කළේය.
අවිස්සාවේල්ල තල්දූව මහජන පුස්තකාලය සහ වෙළද සංකීර්ණය විවෘත කිරීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරුවේ සිදුකෙරුණි.
ජොන්ස්ටන් මන්ත්රීවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබු නඩු 4ක් ඉවත් කර ගෙන ගොස් ඇති බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා නොයෙක් ආකාරයේ නඩු පවරා ඇති බව ද කියා සිටියේය.
පළිගැනීම අද වන විට ලොකුම ප්රශ්නය වී ඇති බවත්, පළිගන්නේ ජනතාවට වැඩක් කිරීමට නොහැකි නිසා බව ද පැවසු විපක්ෂ නායකවරයා, අද වන විට විදුලි කප්පාදුවක් සිදු කරන බවත් පැවසීය.
දැන් කාර් ගන්න බලන් හිටිය අයට එයත් අහිමිව ගොස් ඇති බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, රැවටුණා ඇති බවත්, වත්මන් ආණ්ඩුවට තව දුරටත් රැවටිය නොහැකි බව ද කියා සිටියේය.


















































