
පසුගිය කාලයේ උතුරු පළාතේ සිදුවූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින “ආවා කල්ලිය“ නමින් හැදින්වෙන කණ්ඩායමේ සාමාජිකයෙක් අද දෙරණට එම චෝදනා සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකළේය.
ඒ අද දෙරණ TALK සංවාදය සමඟ එක්වෙමින්ය.
ආවා කල්ලිය කියා කල්ලියක් යාපනයේ කිසිසේත්ම නැති බව එම කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුලාලන්දම් අරැණ් නැමැත්නා පෙන්වා දෙයි.
ආවා කල්ලිය ඇති කළේ සුමන්තිරම්, සරවන බවන් විද්‍යාදරණ් යන අය බවත් ඔවුන් නිතීය හමුවට ගෙන යා යුතු බව අරුලාලන්දම් අරැණ් පවසයි.
මේ අතර ආවා කල්ලිය නැමිති කල්ලියට වර්ථමාණයේ භාවිතා වන නම සැදුන ආකාරයද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අරුලාලන්දම් අරැණ් සඳහන් කළේය.
යාපනයේ තරුණ තරුණියන්ට සෙල්ලම් කිරීමට තරම් කිසිඳු ස්ථානයක් නොමැතිවුවත් කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින්ට ඇවීදිමට පවා මන්තීරු ඇති බව ඔහු පවසයි.
පසුගිය දිනක වික්රෝරියා උද්‍යානයේ රාත්‍රී 11.30 සිටන අවස්ථාවේදී තමයි නිදහස යනු කුමක්ද යන්න ඔවුන් දැකගත් බව ආවා කල්ලියේ සාමාජිකයෙකු වන අරුලාලන්දම් අරැණ් නැමැත්නා පැවසීය.

















































