
පානදුර-හොරණ ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ බණ්ඩාරගම අතර තුන්බෝධිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ඊයේ(03) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අකාරය අසල වෙළඳසැපක සවිකර තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබේණි.
අදාළ අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.





















































