විනාශ වෙන්නේ මෛත්‍රී-මහින්ද නෙමෙයි-රටේ ජනතාව

විනාශ වෙන්නේ මෛත්‍රී-මහින්ද නෙමෙයි-රටේ ජනතාව

December 3, 2018   11:38 am

රට තුළ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය හරහා සාමාන්‍ය ජනතාව අගතියට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන නොව අද රට පත්ව ඇති තත්ත්වය හමුවේ මහජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය‍.

පොහොර හෝ පෙට්‍රල් සහනාධාර අඩු කිරීම තුළින් මෙම තත්ත්වයන්ට හේතු සෙවිය නොහැකි බවත්, අද වන විට රට තුළ ආර්ථිකය සියයට 50 කින් ඇඳ වැටී ඇති බව ද කියා සිටියේය.

අද වන විට රටේ කීර්ති නාමය බිඳ වැටී ඇති බවත්, බහුතරය ඇත්තේ කාටද යන්න පාර්ලිමේන්තුව තුළ පෙන්වා ඇති අතර, නැවතත් රට යථාතත්ත්වයට පත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බව ද සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රටේ අනාගතය වෙනුවෙන් ඉක්මනින් කටයුතු කරන ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.