header logo
Vallibel FD
උණුසුම් පුවත්
පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ විදිහ හෙළිවෙයි
Nov 30, 201806:11 PM
පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ විදිහ හෙළිවෙයි
Mobitel 1278

මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අද අලුයම වෙඩි තැබීමකින් සහ ගෙල කපා දැමීමෙන් ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා අද පස්වරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුලු කණ්ඩායමක් මඩකලපුව වෙත පැමිණියේය.

වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ඊයේ පස්වරු 6 ට පමණ එම පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධකයේ සේවයට වාර්තා කර තිබේ.

එම පොලිස් මාර්ග බාධකය පිහිටා ඇත්තේ වව්නතිව් පොලිස් ස්ථානයට මීටර් 800 ක් පමණ දුරිනි.

එවන් පසුබිමක අද(30) උදෑසන 6 ට පමණ එම ස්ථානයට පැමිණි තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිය ගිය පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගේ මළ සිරුරු දැක තිබුණි.

ඒ අනුව වව්නතිව් පොලිසිය හා තවත් පොලිස් ස්ථාන කිහිපයක් එක්ව පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර එහිදි අනාවරණ වි ඇත්තේ අද අලුයම 3.30 ත් 4 ත් අතර කාලයේදි මොවුන් ඝාතනය කරන්නට ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ලේ පදිංචිව සිටි වයස අවුරුදු 35 ක් වන පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න හා කල්මුණේ පදිංචිව සිටි 28 හැවිරිදි ගනේෂ් දිනේෂ් නමැති පොලිස් කොස්තාපල්වරු දෙදෙනායි.

සිද්ධියේදි ගනේෂ් දිනේෂ් නමැති කොස්තාපල්වරයාගේ හිසට ටි 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

මෙහිදි ඝාතනය වු අනෙක් පොලිස් කොස්තාපල්වරයා වන නිරෝෂන් ඉන්දික නමැත්තාගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඇති බවත් මියයාමට පෙර ඔහු දැඩි පොරබැදීමක නිරතව ඇති බවත් සිදු කළ මුලික පරීක්ෂණවලදි අනාවරණ වි තිබේ.

ඝාතනයෙන් පසු පොලිස් කොස්තාපල්වරු දෙදෙනා සතුව තිබු රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙක ද ඝාතකයින් විසින් රැගෙන ගොස් තිබේ.

වව්නතිව්හි පැවැත් විමට සුදානම් වු මහවිරු සැමරුමට අදාළව පසුගියදා පාන්ඩිඅඩි LTTE සොහොනේ සිදු කළ සැරසිලි ඉවත් කිරීමට පොලිසි කටයුතු කර තිබු අතර ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කළේයද යන්න පිළිබඳ පරීක්ෂණවලදි අවධානය යොමු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානිය මහේස්ත්‍රාත් පරීක්ෂණය මඩකලපුව මහේස්ත්‍රාත්වරයා විසින් අද පෙරවරුවේ සිදු කළ අතර මඩකලපුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද සිද්ධිය වු ස්ථානය නිරීක්ෂණය කළේය.

සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මඩකලපුව බලා පිටත් කර හැර තිබුණි.

මේ අතර අද පස්වරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුලු කණ්ඩායමක් මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්