
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු සීදූව, රද්දොලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අගහරුවාදා දින රද්දොලුගම නිවාස සංකීර්ණයේ ක්‍රිඩා පිටිය අසළදී අදාළ සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
පෑලීයගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදූව, රද්දොලුව ප්‍රදේශයේ පදිංචි 29 හා 41 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
සැකකරුවන් අද(11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත නියමිතයි.

















































