මත්තලට ආපු දැවැන්තයා ලංකාවෙන් පිටත්ව යයි (ඡායාරූප සහිතයි)

මත්තලට ආපු දැවැන්තයා ලංකාවෙන් පිටත්ව යයි (ඡායාරූප සහිතයි)

April 20, 2018   10:42 am



මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබු  ලොව විශාලතම ගුවන් යානාවක් වන antano 225 වර්ගයට අයත් ගුවන්යානය අද (20) අළුයම 4.45 පමණ මත්තල ගුවන්තොටින් නික්ම ගොස් තිබේ.

ලොව විශාලතම ගුවන්යානය වන මෙය පසුගිය 18 වනදා උදෑසන 6.35පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වන ලදී.

 රුසියාවට අයත් ගුවන් යානාවක් වන මෙය  මැලේසියාවේ සිට පැමිණ ඇති අතර නැවත අද (20) දින  කරච්චි ගුවන්තොටුපොළ  බලා පිටත් වූ බව ගුවන්තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය මහතා කියා සිටියේය.

මත්තල ගුවන්තොටුපල තුලින් ඉන්දන  ලබාගැනීමත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සඳහා විවේකය ලබා ගැනීමෙන් පසු අද දින අළුයම 3 ට පමණ මත්තලට ගුවන්තොටුපොළ වෙත පිටත්වීමට පැමිණි ගුවන්යානයේ 24 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලය ඉතා සුහදව පිළි ගැනීම  සදහා මත්තල ගුවන්තොටුපොළ කළමනාකරු උපුල් කලන්සූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන්හට තේ පැන් සංග්‍රහයක්ද ලබා දෙන ලදී .

එමෙන්ම  මෙවැනි ගුවන්යානා ලංකාවට පැමිණීම තුළින් අති විශාල විදේශ විනිමයක් ලංකාවට ලබා ගැනීමට හැකියාවක් ඇති වෙනවා සේම  මෙම දින දෙක තුළ පමණක්  මෙම ගුවන්යානය ගොඩ බැස්ස වීමෙන්  මිලියන 15 කට  වඩා ආදායමක් ලංකාවට ලැබී තිබෙන බවත් උපුල් කලන්සූරිය මහතා කියා සිටියේය .

කරච්චි ගුවන්තොටුපොළ වෙත පිටත්වීමට මත්තෙන් මාධ්‍යට අදහස් දැක්වූ antano 225 ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වන ඇන්ටනොව්  ඩිමිත්‍රෝ මහතා '' ඇත්තටම අපේ ගුවන් යානය ගොඩක් විශාලයි ඒ සදහා ලොකු ඉඩක් ඕන මත්තල ගුවන් තොටුපොල කාර්යබහුල නොවූ නිසා අපට එය ඉතා වැදගත් වුනා අපේ ගුවන්යානය ගොඩබැස්සවීමට .ඒ වගේම අපට මෙහිදී සෑම පහසුකමක්ම ලැබුණා ඒ නිසා අපි අනාගතයේදී ද මෙම ගුවන්තොටුපොළ භාවිතා කරන්න කටයුතු කරනවා ''