
යෝජිත ජාතික ගෙවීම් වේදිකාවේ හා වෙනත් ගැටළු වලට අදාළ චෝදනා සම්බන්ධයෙන් ඔහු ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය.
ICTA ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වයේ සභාපතිනිය වෙත ලිපියක් මඟින් තම ඉල්ලා අස්වීම පිළිබඳව කැනගේ මහතා පවසා ඇත.
එහිදී ඒ මහතා පවසා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව තමන්ට ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තමන් හට දැනුම් දුන් බවත්, ඒ හේතුවෙන් තමන් තනතුරින් ඉල්ලා අස්වන බවත්ය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ ඕනෑම ක්‍රියාවලියක දී වංචාවක් හෝ දූෂණයක් හෝ දූෂණයකට අනුබල දීමක් හෝ තමන් විසින් කිසි දිනෙක සිදු කර නොමැති බවද ඒ මහතා පවසා තිබේ.
මෙම තත්ත්වය යටතේ තමන්ගේ ඉල්ලා අස්වීම ඉදිරිපත් කරන බවත්, ඒ සම්බන්ධයෙන් තමන් කණගාටුදායක නොවන බවත් ඒ මහතා පෙන්වා දී ඇත.


















































