ජපුරේ අන්තර් ජාතික පර්යේෂණ සමුළුව 10-11

ජපුරේ අන්තර් ජාතික පර්යේෂණ සමුළුව 10-11

November 8, 2016   10:51 am


ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ 5 වන අන්තර්ජාතික පර්යේෂණ සමුළුව නොවැම්බර් මස 10 සහ 11 දෙදින තුළ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.

"පරිණාමණය සඳහා බලවන්තකරණය :උද්‍යෝග පාඨවලින් ඔබ්බට" යන්න මෙවර පර්යේෂණ සමුළුවේ තේමාවයි.

ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, එක්සත් රාජධානිය, ජපානය, තායිලන්තය, සෞදි අරාබිය, නයිජීරියාව ආදීරටවල් දහයකට අධික ප‍්‍රමාණයක පර්යේෂකයන් 188ක් මෙවර සමුළුවේදී පර්යේෂණ පත‍්‍රිකා ඉදිරිපත්කරති.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ "සමුළුවේ තේමාවෙන් දක්වා ඇති පරිදි ම හුදු උද්යෝග පාඨයන්ගෙන් ඔබ්බට ගොස් බලවන්තකරණය හා සම්බන්ධ විවිධ විෂයන්ආමන්ත‍්‍රණය කිරීමටත්,
ඊට දාළ ස්ථිරසාර විසඳුම් සෙවීමට මෙන්ම ඒවා කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ඵලදායී කතිකාවකට එළඹීමට ද මෙමගින්අවස්ථාවඋදාවේවි" යන්නයි.

එක්සත් රාජධානියේ කීල් විශ්වවිද්‍යාලයෙහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ඬේවිඞ් අමිගොනි, ලන්ඩන් විශ්වවිද්‍යායේ ක්වීන්මේරි   විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ස්කොට් මැක්ක‍්‍රැකන් සහ ලර්න් ඒෂියා පර්යේෂණායතනයේ ප‍්‍රාරම්භක සභාපති මහාචාර්ය රොහාන් සමරජීව යන මහත්වරු මෙම පර්යේෂණ සමුළුවේ මුඛ්‍ය දේශන පවත්වති.