
ඉන්දියාවේ, කර්නාටක ප්‍රාන්තයේ ගංගාවක ජලය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුධයේදී එම ප්‍රදේශයේ දෙමළ ජනතාවට විඳීමට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් මෙරට දෙමළ පක්ෂ කිහිපයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසන්නේ දෙමළ පක්ෂ කිහිපයක් එක්ව මෙම ලිපිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත යොමු කළ බවයි.


















































