
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් දියත් කළ වර්ජනය අත්හිටුවා තිබේ.
රේගු නිලධාරීන්ගේ ගමන් මළු මෙන්ම කෑම පැකැට්ටුව පවා ගුවන් තොටුපළ ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීම නිසා සේවය කිරීමේදී පත්වන අපහසුතාවන්ට එරෙහිව මොවුන් විසින් අද පෙරවරුවේ වර්ජනයක් දියත් කර තිබිණි.
ඒ අනුව මෙම වර්ජනය හේතුවෙන් ප්‍රමාදවිය හැකිව තිබුණු ගුවන්ගමන් යථා පරිදි පවත්වන බව සඳහන්ය.

















































