ඉන්දියාවේ මිසයිල මිනිසා සමුගනියි!

ඉන්දියාවේ මිසයිල මිනිසා සමුගනියි!

July 27, 2015   09:48 pm



ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ආචාර්ය අබ්දූල් කලාම් මහතා (83) අභාවප්‍රාප්ත වී තිබේ.

ඉන්දීය හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ Shillong කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා ගොස්  සිටියදී එහි වේදිකාවක් මත ඇද වැටී ඇතැයි සඳහන්ය.

අනතුරුව ඔහු රෝහල් කිරීමෙන් පසු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අබ්දූල් කලාම් මහතා  2002 සහ 2007 අතර කාලයේදී ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලදී.

1931  ඔක්තෝබර් 15 වැනිදා රාමේශ්වරම් හී සාමාන්‍ය පවුලක සාමාජිකයෙකු ලෙස උපත ලැබූ කලාම් මහතා ඉන්දියාවේ මිසයිල මිනිසා යන නමින්ද හඳුන්වනු ලැබුවේය.

1974 දී ඉන්දියාව විසින් පරීක්ෂණ මට්ටමෙන් ආරම්භ කර පසුව 1998 දී සිදුකළ පොක්රාන්-II න්‍යෂ්ටික අත්හදා බැලීම සඳහා ඉතා වැදගත් භූමිකාවක් කලාම් විසින් ඉටුකරන ලදී.

ඔහු විසින් ලබාගත් එම ජයග්‍රහණ පද්ම භූෂණ හා භාරත රත්න සම්මානවලින් පිදුම් ලැබීමට හේතුවිය.

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති බලශක්ති සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද අබ්දුල් කලාම් මහතා සහභාගී විය.