header logo
SLIC
උණුසුම් පුවත්
පැවති බලතල 19න් වෙනස් වෙන්නේ මෙහෙමයි
Apr 29, 201512:28 PM
පැවති බලතල 19න් වෙනස් වෙන්නේ මෙහෙමයි
EDEX

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන බොහෝ‍දෙනාගේ ප්‍රසාදයට
හේතුවුවද වෙනස්කම් වලට භාජනය වූයේ කුමන කරුණුද යන්න අවධානයට ලක්විය යුතුය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතේ 'විධායක ජනාධිපතිධූරය'අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරෙන බවට විධිවිධාන ඇතුළත් වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එම වගන්ති ඉවත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණද එහි ඇතැම් වගන්ති සංශෝධනය වීමේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් එය සම්මතවී අනතුරුව ජනමත විචාරණයකින්ද සම්මත විය යුතු බවය.

ඒ අනුව ජනමත විචාරණයකට යායුතු බවට පැවසෙන වගන්ති සියල්ල කෙටුම්පතෙන් ඉවත්කර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟවී එය එසේම ඉටුකරන බැවින් එකී එක් වගන්තියයක් වූ විධායක ජනාධිපති ධූරයේද ඇතැම් බලතල සීමාවීමක් මිස විධාය ජනාධිපති ධූරය අහෝසිවීමක් කිසිසේත්ම සිදුනොවේ.

ඒ අනුව 19 සම්මතවීමෙන් පසු 18 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම අහෝසිවන බැවින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ජනාධිපති ධූර කාලය වසර 5ක් පමණි.(පැවතියේ වසර 6කි).දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි අතර ජනාධිපතිට එරෙහිව නඩු පැවරීම කළ හැකිය.

19 වන ව්‍යවස්ථා මුල් කෙටුම්පතේ දැක්වුණු අන්දමට ජනාධිපතිවරයාට පුද්ගලික කාරණාවලට අදාළව පමණක් නඩු පැවරිය හැකි වුවද සංශෝධන සහිතව සම්මතවූ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එ‍රෙහිව මූලික අයිතිවාසිකම් නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ හැකිය.

එසේ වුවද ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩු ගොනු කළ නොහැකි බව ද එහි සඳහන්ය.

මෙමගින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම අහෝසි කෙරුණද 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු විධිවිධාන යම් යම් සංශෝධන සහිතව තවදුරටත් සක්‍රීය කිරීම සිදුවිය.

එනම් 17 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්ථාපිත කෙරුණු ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන අල්ලස් හා දූෂණ කොමිසම සහ ස්වාධීන මානව හිමිකම් කොමිසම ස්ථාපිත කිරීමට යෝජනා කර තිබේ.

ඊට අමතරව සංශෝධිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ මුදල් කොමිෂන් සභාව,සීමා නීර්ණය
කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,රාජ්‍ය භාෂා
කොමිෂන් සභාව යනාදී වශයෙන් ස්වාධීන කොමිෂන් සභා පුළුල් කර තිබේ.

මෙහිදී ඇතැම් කොමිෂන් සභා අලුතින්ම ස්ථාපිත කර ඇති අතර තවත් විටෙක පැවති 'විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව' වැනි කොමිෂන් සභා,ස්වාධීන කොමිෂන් සභා බවට පත්කර තිබේ.

මෙම කොමිෂන් සභාවන්ට පත්කරන නියෝජිතයින් පැවති මුල් කෙටුම්පතට අනුව ස්වාධීන බැවින් කිසිවෙකුට වගකිව යුතුව නොතිබුණු නමුත් සංශෝධන සහිතව 19 සම්මත වීමේදී මොවුන් පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට පත්කර ඇත.

ඒ අනුව කොමිෂන් සභාවල ප්‍රගතිය දැක්වෙන වාර්තා මාස 6න් 6ට හෝ වසරින් වසරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට විධිවිධාන ඇතුළත්ව තිබේ.

පැවති මුල් කෙටුම්පතට අනුව ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයින් 10 දෙනෙකු ඇතුළත්ව සිටි අතර එයින් 07
දෙනෙකු පාර්ලිමේන්තුවට පිටතින් ස්වාධීන විද්වතුන් ලෙස පත් කළ යුතුව පැවති අතර ඉතිරි ‍තිදෙනා අගමැති,කථානායක හා විපක්ෂ නායක විය.

එහෙත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දිගින් දිගටම කියා සිටියේ මෙම ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන 10 දෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක් විය යුතු බවය.

කෙසේ වෙතත් අවසානයේ සම්මතවූ සංශෝධනය තුළ 7 දෙනෙකු පාර්ලිමේන්තුව තුළින්ද,ඉතිරි 3දෙනා එයින් පරිබාහිරව විද්වතුන් ලෙස පත්කර ගත යුතු බවද යෝජනා වී තිබේ.

ඒ අනුව එකී පාර්ලිමේන්තුවෙන් පත්වන 7 දෙනාගෙන් ති‍දෙනෙකු අගමැති,විපක්ෂ නායක හා කථානායක වන අතර අගමැති හා විපක්ෂ නායකගේ එකඟත්වයෙන් තවත් තිදෙනෙකු නම් කරනු ලැබේ.සුළු පක්ෂ වල එකමුතුවෙන් ඉතිරි පුද්ගලයා නම්කරනු ලැබීමෙන් 7දෙනා සම්පූර්ණවීමට නියමිතය.

එසේම පාර්ලිමේන්තුවට පරිබාහිරින් සෙසු තිදෙනා නම් කිරීමේදී අගමැතිවරයා හා විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් දෙදෙනෙකු නම්කරන අතර අනෙක් තැනැත්තා ජනාධිපතිවරයා විසින් නම්කරනු ලැබෙයි.

මෙම ව්‍යවස්ථා දායක සභාවේ නියෝජිතයින් 10 දෙනාම සමාන බලාධිකාරිත්වයක් දරන අතර පාර්ලිමේන්තුවට වගකිව යුතුය. එහෙත් පාර්ලිමේන්තුවට වගකිව යුතුවීමේ ක්‍රියාපටිපාටිය මේවන විට සකස් කර නැතත් කාරකසභා රැස්වීම්වලදී අදාළ රෙගුලාසි පනවා ගැනීමට නියමිතය.

ස්වාධීන කොමිෂන් සභාවන් කෙරෙහි සැලකිල්ල යොමුකිරීමේදී මැතිවරණ කොමිෂන් සභාව හැර සෙසු කොමිෂන් සභා සියල්ල පාර්ලිමේන්තුවට වගකිව යුතුය.

අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය තවදුරටත් ජනාධිපතිවරයා සතුවන අතර ඔහු විසින් එකී පත්කිරීම් සිදුකිරීමේදී අගමැතිවරයාගෙන් විමසා තීරණ ගත යුතු බැව් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය.

එසේ වුවද ජනාධිපතිවරයා යම් හෙයකින් අගමැතිවරයාගේ එකඟත්වය ලබා නොගන්නේනම් ජනාධිපතිවරයාගේ ක්‍රියාව අභියෝගයට ලක්කරමින් ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි අතර ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතුය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ