header logo
SLIC
උණුසුම් පුවත්
රාජපක්ෂ පාලනයේ ‘පෝට් සිටි‘යට මෛත්‍රී පාලනයද කැපවෙයි
Feb 05, 201504:45 PM
රාජපක්ෂ පාලනයේ ‘පෝට් සිටි‘යට මෛත්‍රී පාලනයද කැපවෙයි
Mobitel 1278

චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මුහුද ගොඩකරමින් සිදුකළ එහි පාරිසරික තත්ත්ව සහතික වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

හෙතෙම මේ බව කියා සිටියේ අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඉකුත් රජය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂි ජින් පිං මහතා අතින් මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භවූ අතර නව රජයක් බලය ලබාගැනීමෙන් පසු මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මකවේද යන්න පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතිණි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන මාර්තු මාසයේදී චීනයේ සංචාරයක නිරතවීමටද අපේක්ෂා කරන බව ද කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

‘කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ යනුවෙන් මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සංදේශයක් (කැබිනට් පත‍්‍රිකාවක්) ඉදිරිපත් කරන ලද අතර දැනට චීනයට පවරා ඇති කොළඹ දකුණු වරාය දියකඩනය සමීපයෙන් ගාලූමුවදොර පිටිය දෙසට වන්නට හෙක්ටයාර 233ක හෙවත් අක්කර 575කට මඳක් වැඩි භූමි ප‍්‍රමාණයක් ඒ යටතේ මුහුද ගොඩකර මේ නගරය ඉදිකිරීමට නියමිතය.

එය සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැව් මධ්‍යස්ථාන හා ධාවන පථ ආදී අංගෝපාංගයන්ගෙන් සමන්විතය.

මෙම ව්‍යාපෘතිය සඳහා අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ හෙක්ටයාර 233ක් වූ මුළු භූමි ප‍්‍රමාණයෙන් හෙක්ටයාර 170ක් විකිණිය හැකි ඉඩම් ලෙස හඳුනාගෙන තිබීමත්, ඉතිරි හෙක්ටයාර 63ක ප‍්‍රමාණය පොදු පහසුකම් යටතේ ජල තීරුවලට, මාවත්වලට හා උද්‍යාන සඳහා වෙන්කර ඇති බවත් සඳහන්ය.

ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1337ක මුදලක් ව්‍යාපෘති යෝජකයා වන සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම විසින් දරන අතර එම මුදල පියවා ගැනීම සඳහා චීනයට හෙක්ටයාර 108ක ප‍්‍රමාණයක් ලබාදීමට නියමිතය. මේ එක් හෙක්ටයාරයක භූමි ප‍්‍රමාණයක් ඇමරිකානු ඩොලර් මිලියන 24කට ඇස්තමේන්තු ගතකර ඇති අතර ලබාදෙන ඉඩම් ප‍්‍රමාණයෙන් ආයෝජනයට අදාළ ණය මුදල පියවා ගැනීම, අලෙවි ප‍්‍රවර්ධන වියදම් පියවා ගැනීම සහ ලාභය වශයෙන් වූ කොටස උපයා ගැනීම සිදුකළ යුතුය.

ඉඩම් විකිණීම එම ප‍්‍රමාණයෙන්ද අවසන් නොවන අතර පොදු පහසුකම් සඳහා වෙන්කරන ලද හෙක්ටයාර 63ක භූමි ප‍්‍රමාණයේ මූලික පහසුකම් වෙන්කිරීමෙන් පසු අතිරික්ත ඉඩම් ප‍්‍රමාණයක් ඉතිරිවේ නම් එම අතිරික්ත ඉඩම් ප‍්‍රමාණයද විකිණීමට නියමිත අතර එසේ අතිරික්ත වන ඉඩම් ප‍්‍රමාණය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට 40%ක් හා චීන සමාගමට 60%ක් වන අනුපාතයට බෙදාගැනීමට නියමිතය.

එමෙන්ම ශ‍්‍රී ලංකා වරාය අධිකාරියද විකිණිය හැකි අතිරික්ත ඉඩම් ප‍්‍රමාණයට අමතරව පළමු වටයේදී විකිණිය හැකි ලෙස හඳුනාගෙන ඇති හෙක්ටයාර 108ක ප‍්‍රමාණයක් චීනයට ලබාදීමෙන් පසු ඉතිරි වන හෙක්ටයාර 62ක ප‍්‍රමාණයක් විකිණීමට නියමිතය. ඒ සඳහා ව්‍යාපෘති සමාගම හා සමාන පදනමකින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියටද ඉඩම් විකිණීමට හා බදුදීමට හැකි අයුරින් බලතල ලබාදීමටද, මුද්දර ගාස්තු හා ඉඩම් විකිණීමට අදාළ අනෙකුත් බදු ගාස්තුවලින් නිදහස් කිරීමටද නියමිතය. දැනටමත් ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ මෙම ව්‍යාපෘතියට ඒ යටතේ ලබාදුන් විශාලම සහනය වන වසර 25ක බදු සහන ලබාදී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි