කතරගම ගමන නැවතුණ තැන!
February 3, 2015 03:37 pm
කිරිඳිවැල, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කතරගම ගොස් එමින් සිටියදී කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට, මිණිපුරගම ප්‍රදේශයේදී මාර්ගයේ දෙපස ඇත ආරක්ෂිත වැටක ගැටීමෙන් අනතුරට ලක්ව තිබේ.
එම අවස්ථාවේ රියදුරා ඇතුළුව කාන්තාවන් දෙදෙනෙක්ද, පිරිමි 4 දෙනෙක්ද සිට ඇත. ඒ අතරින් අවුරුදු 61 ක් වන ජී.ඒ. හේමලතා කාන්තාව එම ස්ථානයේම මිය ගොස් තිබේ.
සෙසු පිරිස හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කොට ඇත.
ඉතිරි පස්දෙනාගේම තත්ත්වය බරපතළ වන අතර, අසාධ්‍ය තත්ත්වයේ සිටි තිදෙනෙක් හම්බන්තොට මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වාහනය අනතුරට ලක්ව තිබූ අයුරු.
ඡායා රූ - රාහුල් සමන්ත