ආනන්ද සංගරී මෛත්‍රීට සහයදෙයි

ආනන්ද සංගරී මෛත්‍රීට සහයදෙයි

December 22, 2014   09:49 am

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එළ‍ඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම්වරයා වන ආනන්ද සංගරී මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පුර්ණ සහයෝගය දැක්වීමට යාපනය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

බලයේ සිටි විවිධ ආණ්ඩු ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා නොදුන් බවත්, සමස්ථ රටේ යහපාලනය උදෙසා විවිධ පක්ෂ සහ සංවිධාන එකතු වී ගත් ප්‍රතිපත්තිමය තීරණයට රටේ සෑම ද්‍රවිඩ ජාතිකයෙකුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ යුතු බව සංගරී මහතා පෙන්වා දෙයි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට තමන් ඇතුළු පිරිස විශ්වාසයක් තබා ඇති බවත්, රටේ සමස්ථ එකීයභාවට උදේසා එළඹෙන ජනාධිපතිවරණයේදී ඒ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.