මෛත්‍රී ගත් තීරණයෙන් පුරවැසියන්ගේ පිබිදීමක් ඇතිවෙලා

මෛත්‍රී ගත් තීරණයෙන් පුරවැසියන්ගේ පිබිදීමක් ඇතිවෙලා

December 16, 2014   04:44 pm

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදෙන බව කලාකරුවන් හා විද්වතුන් පිරිසක් අද (16) පැවසූහ.

පුරවැසි බලය විසින් කොළඹදී අද පස්වරුවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔවුන් මේ බව පැවසීය.

මහචාර්ය සරත් විජේසූරිය, බෙනට් රත්නායක, පරාක්‍රම නිරිඇල්ල, ගාමිණි වියන්ගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, දිල්හානි ඒකනායක, එම්.පී මහින්දපාල, දීපානි සිල්වා දමයන්ති ෆොන්සේකා, රජිව් සෙබස්තියන්, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

පොලීසියේ හා අධිකරණයේ ස්වාධීනත්වය මේවන විට නැතිවී ඇති බව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන බෙනට් රත්නායක මහතා පැවසීය.

වත්මන් පාලනය සමාජයේ භීතිකාවක් ගෙනයන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට පුරවැසියන්ගේ පිබිදීමක් ඇති බවත්, මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහචාර්ය සරත් විජේසූරිය මහතා කියා සිටියේය.

එසේම වරදාන ලබාදී ඇතැමුන් ළඟට ගන්නා බවත්, ආණ්ඩුව ජනමාධ්‍ය උපයෝගි කරගෙන ජනවිඥාණය වෙනස් කරන බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය.