
රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා අමාත්‍ය ධුරයෙන් සහ රජයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ(29) දිනයේ දී අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව නවීන් දිසානායක මහතා රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් සහ නුවරඑළිය ආසනයේ සම්බන්ධීකරණ සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නුවරඑළිය ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යවරයෙකු වශයෙන් එම දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව බලාපොරොත්තු වන කාර්යයන් හා අරමුණු ඉටු කිරීමට අවකාශ නොලැබුණු බව පවසමින් නවීන් දිසානායක මහතා අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් විපක්ෂයේ පොදු අපේක්ෂයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බව අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද දෙරණ නවීන් දිසානායක මහතාගෙන් කළ විමසීමදී ඔහු සඳහන් කළේය.
තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට බලාපොරොත්තු වන බවත්, ඒ පිළිබඳව හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවත් නවීන් දිසානායක මහතා සඳහන් කර සිටියේය

















































