රත්නපුරේ බට්ටි කෝටි 5ක් ඉල්ලන්න යයි
October 2, 2014 10:12 am
රත්නපුර නගරයේ දී සැරයන්වරයෙකුගේ පහරකෑමට ලක්වු කාන්තාව රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කිරීමට නියමිත බව වාර්තා වේ.
අදාළ කාන්තාව ඊයේ මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
බට්ටී යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම කාන්තාවට රත්නපුර නගර මධ්‍යයේ දී පොලිස් සැරයන්වරයෙකු විසින් පහරදීමේ සිද්ධිය සහිත ජංගම දුරකථන වීඩියෝ දර්ශනයක් පසුගිය දිනවල අන්තර්ජාලයට මුදාහැර තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ නඩු පැවරීමට ඇයට ඇති අයිතිය පිළිගන්නා බවයි.
මේ අතර රත්නපුර ත්‍රීරෝධ රථ සංගමය මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාට සහය පළ කරමින් අද එම නගරයේ විරෝධතාවක් පැවැත්වීමට ද තීරණය කර ඇත.