පාවෙන වෙළඳ සංකීර්ණය අද විවෘත කරයි

පාවෙන වෙළඳ සංකීර්ණය අද විවෘත කරයි

August 25, 2014   08:00 am

පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය අද(25)  පස්වරු 05.00ට විවෘත කිරිමට නියමිතව තිබේ.

මෙම වෙළඳ සංකීර්ණය පසුගිය 22 වැනිදා විවෘත කිරිමට නියමිතව තිබුණ ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය කල්දැමුණි.

කෙසේ වෙතත් පාවෙන වෙළඳ සංකීර්ණය අද පස්වරුවේ විවෘත කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ජනතාවට නැවුම් අත්දැකිමක් ලබාදෙමින් ඉදිකර ඇති මෙම වෙළඳ සංකීර්ණය නියාමනය කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.