
බහරෙන් රාජරාධානිය සිය දේශයේ ඉහළම ගෞරව සම්මානය වන බලීෆා අභිදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබේ.
බහරේන් රජුවන හමාද් බින් ඉසා අල් බලීෆා විසින් මෙම සම්මානය පිරිනමා ඇති බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
“උතුමානනී ඔබ සහ ඔබ අයත් මිත්‍ර රාජ්‍යය මෙන්ම ද්වීපාර්ශවික සබදතා සංවර්ධනයේ සහ ප්‍රගතියේ වඩා ඉහළ තලයකට ඔසවා තැබීමට ඔබ පෞද්ගලිකව ගන්නා උත්සාහයන් අගය කරනු පිණිස මෙම සම්මානය පුදකරන්නෙමු“ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම සම්මානය පිරිනමමින් බහරේන් රජතුමා පවසා තිබේ.
අල් බලීෆා අභිදානය 1940යේ දී ස්ථාපනය කර ඇති අතර 1970දී යළි සක්‍රීය කර ඇති බව සඳහන් වෙයි.
අභාවප්‍රාප්ත ෂේක් ඉසාබින් සල්මාන් අල් බලීෆා එමිර්තුමා මානුෂවාදය කෙරෙහි දැක්වු කැපවීමට උපහාර පිණිස මෙම සම්මානය ආරම්භ කර තිබේ.
මේ දක්වා සම්මානය ප්‍රදානය කර ඇත්තේ සෞදි අරාබි රජතුමා, මැලේසියානු අග්‍රාමාත්‍යතුමා සහ දෙවන එළිසබෙත් මහරැජිණ ඇතුළු විශිෂ්ට නායකයින් කිහිපදෙනෙකුට පමණයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ බහරේන් රාජධානිය අතර අවබෝධතා ගිවිසුම් හතරකට ද අත්සන් තබා තිබේ.
දෙරට අතර සබදතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබා ඇති බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

















































