
මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ ග්රෑම් 250ක් දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ආහාර අලෙවි සැලක තිබි සොයාගෙන තිබේ.
ප්‍රදර්ශන භූමියේ ඇති ආහාර අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් සිදුකළ සෝදිසියක දී මෙම කුකුල් මස් තොගය සොයාගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියි.
මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම සංගමයේ උප සභාපති චමිල් සමන්ත මුතුකුඩ මහතා අද දෙරණට සඳහන් කළේය.
ඊට අමතරව මෙම පරික්ෂාවේ දි පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන විසිදෙකක් සොයාගැනීමට හැකිවු බව ද චමිල් සමන්ත මුතුකුඩ මහතා කියා සිටියේය.
දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ආහාර අලෙවි කරන ස්ථාන පරික්ෂා කිරිම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියයකට වැඩි පිරිසක් අනියුක්ත කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.












































