ගල් ඉබ්බන් 14 යි පුද්ගලයින් 5 යි පොලිස් බාරයේ
February 20, 2014 09:13 pm
මස් පිණිස අලෙවි කිරීම සඳහා ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් අල්ලන ලද බව කියන ගල් ඉබ්බන් 14 දෙනෙකුද පොලිස් බාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
20 වැනිදා සවස මාරවිල පොලිස් වසමේ හත්තිනිය - හොරකැලේ ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ආසන්නයේදී මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් සහ ගල් ඉබ්බන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාරවිල පොලීසියේ පොලිස් පරීක්ෂක අමිත රංජිත් මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.