header logo
Vallibel FD
උණුසුම් පුවත්
කැපවුණු උදවියට කැපිල්ල - ලිංගික සංකේතවලට තැන ඇවිත්
Jan 22, 201401:42 PM
කැපවුණු උදවියට කැපිල්ල - ලිංගික සංකේතවලට තැන ඇවිත්
Mobitel 1278

දීර්ඝ කාලයක් තරුණ, ශිෂ්‍ය, කාන්තා, වෘත්තීය සමිති සහ ප්‍රාදේශීය දේශපාලනයේ නිරතව සිටි අත්දැකීම් සහ දේශපාලන විනයක් සහිත පුද්ගලයින්ට නාම යෝජනා නොදෙන පක්ෂ තම නාමයෝජනා ‘ලිංගික සංකේත‘ වලින් පුරවමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.

දීර්ඝ කාලයක් තම පක්ෂ ව්‍යුහය ශක්තිමත් කළ, තම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දර දිය ඇද්ද පුද්ගලයින් පසෙකලා නවක ජනප්‍රිය තරු සඳහා නාමයෝජනා ලබාදෙන්නට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පෙළ ගැසෙමින් තිබීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය කියා සිටියි.

එම සංවිධානයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේද සඳහන්ය.

පක්ෂ මාරු කරමින් කරනම් ගසන්නන් බුලත් දී පක්ෂයට බඳවා ගන්නා මේ උදවිය තමන්ගේ ජීවිතයේ හොඳම කාලය පක්ෂය වෙනුවෙන් කැප කළ තරුණ තරුණියන්ගේ දේශපාලන අනාගතය විනාශ කර දමයි.

නාමයෝජනා ලබාදීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ආරම්භ කොට ඇත. දීර්ඝ කාලයක් ශිෂ්‍ය තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රයන් හි නියමුවන් වෙමින් පක්ෂ වෙත දර දිය ඇදි පුද්ගලයින් විශාල පිරිසක් කැපී ගොස් ඔවුන් වෙනුවට ‘ලිංගික සංකේත‘ වලට නාමයෝජනා ලැබෙමින් තිබේ.

දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ දැඩි අවධානයක් යොමුවී ඇති අතර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කිසිදු දේශපාලන පරිචයක් නොමැති නිළියන්, රූප සුන්දරියන්ගෙන් සිය නාමයෝජනා පුරවමින් ඇත්තේ දීර්ඝ කාලයක් පක්ෂ දේශපාලනයේ නිරත වුණු දේශපාලන දැනුම, විනය සහ පරිචයක් සහිත ක්‍රියාකාරී කාන්තාවන් ඉවත දමමිනි.

ජනප්‍රිය රැල්ලේ දේශපාලනය පැමිණි කාන්තා චරිත පක්ෂ මාරු කිරීම පමණක් නොව ප්‍රාදේශීය දේශපාලනඥයින් සමග ගැටුම් ඇති කර ගනිමින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් බවට පත් කොට ඇත. එසේම දේශපාලන විනයක් නොමැති මහජන නියෝජිතයින් ප්‍රාදේශීය හෝ ජාතික දේශපාලනයේ මහජන නියෝජිතයින් විසින් පවත්වාගත යුතු ‘සමාජ තත්ත්වය‘ විනාශ කරමින් සිටී.

පළාත් සභා මැතිවරණය ජාතික දේශපාලන සඳහා පිවිසීමේ දොරටුව බවට පත්වී ඇති පරිසරයක මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සදහා බාල ජනප්‍රියත්වය වැළඳ ගැනීම තුළ තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රයන් හි දක්ෂයින්ට හිමිවිය යුතු ඉඩ කඩ වසා දැමීම කනගාටුදායකය.

දිගු කලක් ප්‍රාදේශීය දේශපාලනයේ නිරත පිරිස් නොතකා හරින තත්ත්වයක් මේ තුළ මතුව තිබේ. ‘ලිංගික සංකේත‘ ඉදිරියට දමා ජනප්‍රිය දේශපාලනයේ නිරතවනු වෙනුවට ප්‍රතිපත්ති ගරුක දේශපාලන පරිචයක් සහිත අපේෂකයින් වෙත නාමයෝජනා ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන මෙන් කැෆේ සංවිධානය මෙරට සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත විවෘතව ආයාචනා කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්