ඉන්දීය මාධ්‍යවේදියා පිටවුහල් කරන ලකුණු

ඉන්දීය මාධ්‍යවේදියා පිටවුහල් කරන ලකුණු

December 27, 2013   11:06 am

අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වාගෙන යන ඉන්දීය “ජූනියර් විකටන්“ පුවත්පතේ මාධ්‍යවේදියා ශ්‍රී ලංකා රජය විසින් පිටුවහල් කරනු ඇති බව ඉන්දීය පුවත් සේවා පවසයි.

උතුරේ යුද හමුදා කඳවුරු හා පොලිස් ස්ථානවල අනවසරෙන් ඡායාරූප ගත් සැකකටයුතු ඉන්දීය ජාතිකයෙකු නාවක්කුඩි පොලීසිය විසිස් අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා විය.

මෙම පුද්ගලයා “ජූනියර් විකටන්“ පුවත්පතේ මාධ්‍යවේදියෙකු බවට පසුව කරුණු හෙළිදරව් විය.

වීසා රෙගුලාසි උල්ලංඝණය කිරීම හා නිසි අවසරයකින් තොරව හමුදා කඳවුරු හා පොලිස් ස්ථාන ඡායාරූප ගතකිරීමට හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීමට අදාළව මොහු සමග සිටි බව කියන ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්,උතුරු පළාත් සභා මන්ත්‍රී පසුපති පිල්ලෙයි යන අයගෙන්ද පොලීසිය ප්‍රශ්න කර ඇති බව ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.

කෙසේ වෙතත් තමිල් ප්‍රභාකරන් නමැති මෙම මාධ්‍යවේදියා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාරදෙනු ඇති බව ENS වාර්තා කරයි.