
අසල්වැසි කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රී 10.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු බව කියන කොස්වත්ත පොලිස් වසමේ බටහිර කිරිමැටියාන පදිංචි ජයකොඩි ආරච්චිලාගේ තිලකලතා නම් වු කාන්තාවක් මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මීගමුව මහා රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු බවද හෙතෙම කියයි.
තුවාල ලබා ඇති කාන්තාව සහ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති වෛද්‍යවරයා අසල්වැසියන් බව පොලීසිය කියයි.
දෙදෙනා අතර ඇතිවු බව කියන බහින් බස් වීමකින් පසුව වෛද්‍යවරයා තම නිවසේ උඩු මහලට ගොස් ගිනි අවියක් ගෙන වෙඩි තැබීම සිදු කර ඇති බව මුලික විමර්ශනවලදී හෙළිවී ඇත.
වෙඩි තැබීමට යොදාගත් බව කියන බෝර 12 ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
කොස්වත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.







































