header logo
SLIC
උණුසුම් පුවත්
මම කවුද හමුදාවට අණ දෙන්න!
Aug 06, 201302:15 PM
මම කවුද හමුදාවට අණ දෙන්න!
EDEX

බීමට පානීය ජලය ඉල්ලා වැලිවේරීයේ රතුපස්වල ජනතාව ගෙන ගිය විරෝධය අවස්ථාවේදී වැලිවේරියට හමුදාව යැව්වේ මම යනුවෙන් සතිඅන්ත පුවත්පතක පළවූ වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ‍ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

ඊට ප්‍රතිචාර වශයෙන් “මම කවුද හමුදාවට අණ දෙන්න” යනුවෙන් උන්වහන්සේ අද (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

අදාළ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. ‍

තමන් වහන්සේ ඇතුළු කණ්ඩායම මහියංගනයේ සමුළුවකට සහභාගි වී කොළඹ පැමිණෙමින් සිටියදී අදාළ පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියෙකුගෙන් දුරකථන ඇමතුමක් පැමිණි බවත් රතුපස්වල සිද්ධිය ගැන බොදුබල සේනා සංවිධානයේ අදහස කුමක්දැයි විමසූ බවත් උන්වහන්සේ පවසන ලදී.

එම අවස්ථාවේදී ඊට පිළිතුර දෙමින් සිටින විට තම දුරකථනයේ බැටරියේ විදුලිබලය අවම මට්ටමක පැවැතීම නිසා එය ක්‍රියාවිරහිත වූ බවත් දුන් කෙටි පිළිතුර වැරදී ලෙස පළ කර ඇති බවත් ඥානසාර හිමියන් ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම පුවත සම්පූර්ණයෙන් විකෘති කර ඇති බවද මේ ගැන අදාළ මාධ්‍ය ආයතනයේ ප්‍රධානියාගෙන් අද විමසූ විට ඒ ගැන සමාව ඉල්ලූ බවත් තමා පිළිබඳව වැරදි පුවතක් පළ කළ මාධ්‍යවේදියා ඉවත් කරන බවත් ඔහු පැවසූ බව උන්වහන්සේ පවසන ලදී.

මේ අතර රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී බොදුබල සංවිධානය විසින් මාධ්‍යවේදීන් අතට පත් කළ නිවේදනයක්ද මතු දැක්වෙයි.

ඉතා සුළු පිරිසක් සිංහල ජන මාධ්‍ය ඔස්සේත්, විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර ඉංග්‍රීසි ජනමාධ්‍ය ඔස්සේ අප වැඩපිළිවෙළ දුර්වල කරන්නටත්, අපට එරෙහි වන්නටත් කුමන්ත්‍රණ කරන බව ප්‍රසිද්ධ රහසක්. ඒ කෙසේ වුවත් ලක්ෂ ගණනින් අප වටා රොක්වන ජනතාව මෙම කුමන්ත්‍රණ පැරදවිය හැකි ශක්තියක්.

මෙවැනි පරිසරයක් තුළ රතුපස්වල සිදු වූ, අප විශ්වාස කරන ලෙස සිදු නොවීය යුතුව තිබු “වැලිවේරිය රතුපස්වල” අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව , විශේෂයෙන් මෙහිදී අප නිහඬ ඇයි දැයි කරනු ලැබූ මාධ්‍ය විමසුමක් අවසන් වුයේ “වැලිවෙරියට හමුදාව යැවුවේ මම” නමින් එක්තරා ඉංග්‍රීසි පුවත්පතක 2013 අගෝස්තු 5 දින පළවූ ශිර්ෂ පාඨයයි.

බොදු බල සේනාවේ මහා ලේකම් හිමියන් මෙසේ ප්‍රකාශ කරන ලදැයි කරනු ලැබූ මෙම ශීර්ෂය පරිවර්ථන දෝෂයක් බව එම මාධ්‍ය හා එහි අයිතිකරුවන් ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම හාස්‍ය ජනකය. රටේ ජාතික පුවත්පතක පරිවර්ථකයින් මෙසේ පරිවර්ථනය කිරීම විශාල ගැටලුවකි. එමෙන්ම ජාතික පුවත්පතක ශීර්ෂය දමන්නේ පරිවර්ථකයින්ද යන්න තවත් ගැටලුවකි. අනෙක් ගැටලුව වනුයේ මෙහි කතෘ කෙනෙක් නොමැතිද යන්නය.

වෘත්තීය මාධ්‍යවේදීන් ව්‍යාපාරිකයින්ගේ හා දේශපාලකයින්ගේ න්‍යායපත්‍රවලට වැඩ කිරීම හරහා ශ්‍රී ලාංකීය පාඨකයා මෙම මාධ්‍ය මාෆියාවේ සිර අඩස්සියේ සිටීමට සිදු වීම ජාතියේම අවාසනාවකි. විශේෂයෙන්ම මෙම පුවත්පතේ කතෘවරිය සිංහල බෞද්ධ විරෝධී වෙනත් ආගමික අන්තවාදයක ඒජන්තවරියකද යන්න අප සියලු දෙන සොයා බැලිය යුතුය.

කෙතරම් ප්‍රබල ජන බලයක් තිබුණද භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් ස්ථානයකට හමුදාව යැවිය නොහැකි බව ඕනෑම ළදරුවකට පවා තේරුම් ගත හැකිය. ඒ බව මෙම මාධ්‍ය ප්‍රධානීන්ද නොදන්නවා නොවේ. සිංහල පුවත්පත්වල මෙම ශිර්ෂය නොදා ඉංග්‍රීසි පුවත්පතක දමන්නේ අහම්බෙන් නොවේ.

ඉංග්‍රීසි පුවත් පත් තිබෙන්නේ මේරටේ ජනතාව සඳහාම නොවේ. තානාපති නිලධාරීන්, ජාත්‍යන්තරය මොවුන්ගේ ගොදුරුය. බොදුබල සේනා යනු ත්‍රස්ත සංවිධානයක් බවත්, එය බෞද්ධ තලේබාන්වරු බවත් නිර්මාණය කළේ ඔවැනි මාධ්‍ය විසිනි. රජය හා ආරක්ෂක ලේකම් බොදු බල සේනාවට සහය පල කරන බව නිර්මාණය කළේ ඔවැනි මාධ්‍ය විසිනි.

බෞද්ධකම හා බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපකීර්තියට පත් කිරීමට TIME සඟරාව කළ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට උඩ ගෙඩි දෙන මෙවැනි මාධ්‍ය අද ශ්‍රී ලාංකීය සමාජය තුළ නැගී සිටින සිංහල බෞද්ධ ව්‍යාපාරය නසා දමන්නටත්, භික්ෂු ප්‍රතිරූපය කෙළෙසීමටත් කටයුතු කරන බව අපට නොරහසකි. ඒ අනුව මෙම පරිවර්ථන දෝෂ නම්වූ මාධ්‍ය නාටකයේ අරමුණු කිහිපයක් තිබිය හැක. .

1) රතුපස්වල සිද්ධියේ නැගී එන විරෝධය තුළින් බොදු බල සේනා ජනප්‍රියත්වය විරෝධයක් බවට හැරලීම.

2) පොදුවේ බොදුබල සේනාවට එක්විය හැකි මධ්‍යම පන්තික පිරිස් අපගෙන් ඈත කිරීම.

3) බොදු බල සේනා මගින් ආරක්ෂක හමුදා ලවා පහර දිය හැකි බවට බොරු හැඟීමක් මුස්ලිම් ජනය අතර පතුරවා සමාජ බෙදුම්වාදයක් ඇති කිරීම.

4) බොදු බල සේනා හා බෞද්ධ ව්‍යාපාරයටත්, බෞද්ධ භික්ෂුවටත් වැරදි ප්‍රතිරූපයක් ජාතිකවත්, ජාත්‍යන්තරවත් නිර්මාණය කිරීම.

5) ශ්‍රී ලංකා රජය, ආරකෂක අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා හා ආරක්ෂක හමුදාවේ ප්‍රතිරුපය විකෘති කිරීම.

6) මෙවැනි කොන්ත්‍රාත්තු මගින් ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිරීම හා ප්‍රතිලාභ ආකර්ෂණය කර ගැනීම.



ඇත්ත වශයෙන්ම අප හා වැලිවේරිය සිදු වීමේ සම්බන්ධය කුමක්ද ?

වැලිවේරියේ සිදු වෙමින් පවතින විරෝධතා පිළිබඳ අප මාධ්‍ය මගින් දැන ගත් අතර ජනතාවගේ ජල අවශ්‍යතාව පිළිබඳ අපද සංවේදී වූයෙමු. එහෙත් යම් පාර්ශවයක් ආරම්භ කළ සටන්වලට ගොස් ලකුණු දමා ගැනීම හෝ මාධ්‍ය ප්‍රදර්ශන කිරීම හෝ ඒ මගින් දේශපාලන හෝ වෙනත් අරමුණු සඳහා උසි ගැන්වීම් කිරීම අපගේ ක්‍රමවේදය නොවන නිසා අප මේ ගැන සුපරික්ෂාකාරීව බලා සිටියෙමු.

මෙම ජලය අපවිත්‍ර හෝ විෂ වීම පිළිබඳ විද්‍යාත්මක කරුණුවල වැදගත්කමද අපගේ අවධානයට යොමු වුයේ රසායනික පොහොර භාවිතය නිසා දිනපතා වකුගඩු රෝගයට හා අන් රෝගවලට ලක්වෙන හා මියයන පිරිස් ගැන අප දන්නා නිසාවෙනි.

පසුගිය සති කිහිපයකදීම නිවාස මට්ටමේ ජල පවිත්‍ර කිරීමේ ක්‍රම පිළිබඳ සොයමින් සිටියෙමු. උද්ඝෝෂණ කිරීම් මෙන්ම විසදුම්ද ලබා දීම පිළිබඳ අප හැමවිටම කටයුතු කරන්නෙමු.

විරෝධතා සිදු වී දින කිහිපයක් ගත වෙද්දී අප කාර්යාලයට දුරකථනයෙන් කතා කළ භික්ෂුන් වහන්සේලා හා ගිහි පිරිසක් මෙම විරෝධතා පාලනය කර නොහැකි තත්ත්වයක් ඇති බවත් මෙයට බොදු බල සේනා මැදිහත් වී රජය සමගද සාකච්ජා කොට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටයේය.

එහිදී මහනුවර මහනායක හිමියන් බැහැදැකීමට ගොස් සිටි අප ලේකම් හිමියන් දැනුවත් කළ අතර ඒ අනුව කොළඹට එන අතර තුර මේ ගැන සොයා බැලීමට නිහඬව කටයුතු කරන ලදී.

එහිදී ජල ප්‍රශ්නය නිසා ජනතාවගේ දෛනික ජීවන කටයුතු අඩාල වීම, මෙම විරෝධයට වගකිව යුතු ප්‍රාදේශීය දේශපාලකයින් හා නිලධාරීන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව මැදිහත් නොවීම, ජලය අපවිත්‍ර වීම පිළිබඳ විද්‍යාත්මක කරුණු සොයා ගැනීම් ප්‍රමාද වීම, මෙම විරෝධය ගැටලුකාරී තත්ත්වයක් බවට පත් කිරීමට විවිධ බලවේග උත්සාහ ගැනීම, හා කල්පනාකාරී නොවන කලහකාරී පිරිස් මෙම ගැටලුව මැදට පැන සිටීම් හා විශේෂයෙන් පාලනයකින් තොරව විවිධ කණ්ඩායම් කටයුතු කිරීම් පිළිබඳව ජනතාව අපව දැනුවත් කොට මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳ ඔවුන් විශ්වාස කරන බැවින් එවැනි මැදිහත්වීමකට අපගේ සහය ඉල්ලා සිටින ලදී.

ඒ අනුව මෙම ගැටලුවට සම්බන්ධ පාර්ශවයන් වන ගම්වැසියන්, අදාළ සමාගම්. හා රජයේ නිලධාරීන්ගේ රැස්වීමක් පවත්වා අනවශ්‍ය ගැටුම්වලින් තොරව සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ආශිර්වාදත්මකව වගකිව යුතු බෞද්ධ සමාජ සංවිධානයක් ලෙස අනුශාසනා කොට මහියංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබු බොදු මහා සමුළුවට සභාගී වීම සඳහා 2013 අගෝස්තු මස 1 උදේ වරුවේ කොළඹින් පිටත් වූයෙමු.

මේ බව අප ලේකම් හිමියන් විසින් මාධ්‍යයට කල ප්‍රකාශය ”වැලිවේරියට හමුදාව යැවුවේ මම” ලෙස පරිවර්තනය වීමත්, එවෙලේම දේශීය හා විදෙශීය වෙබ් අඩවිවල පළ වීමත්, ෆේස්බුක් වැනි සමාජ ජාලවල පළ වීමත් අහම්බෙන් සිදු නොවන බව අප දනිමු.

මෙවැනි මාධ්‍යවලට අප දැනුම් දෙන්නේ මෙවැනි කටයුතු ඉදිරියටත් කළහොත් සිදු වන්නේ ජනතාව විසින් සමාජ වාරණයක් ඇති කිරීම වැළැක්විය නොහැක.

බොදුබල සේනා විසින් මහියංගන පුජා භූමියේදී ලක්ෂයක් දරුවන් බිහි කොට ජාතියට පුජා කිරීමට “ආර්ය දරුවෝ” වැඩපිළිවෙළ දියත් වෙද්දී අපේම දරුවන් අපේම අයගේ වෙඩි පහරින් මියයාම අවාසනාවකි. කුමන ආගමකට, ජාතියකට අයත්වුවත් කිසිවකුත් ගැටුම් නිසා බිය වීම, තුවාල සිදු වීම හෝ මරණයට පත් වීම අපට අනුමත කළ නොහැක.

එපමණක් නොව වස විස කා බී ලෙඩ වී අකාලයේ මිය යන, හදිසි අනතුරු නිසා අකාලයේ ලෙඩ වෙන මිය යන, ආදී විවිධ ස්වරුපයෙන් අපට අහිමි වන ජීවිත උපරිම ලෙස රැක ගත යුතු මොහොතක් අපි අද ගත කරමින් සිටිමු.

71-89 කලබලවලදී, 30 වසරක යුද්ධයේදී අපට අහිමිවූ ජීවිත අපමණය. පුජ්‍ය දඹරාවේ රතනසාර හිමි , වීරසුරිය ඝාතනය ආදී වශයෙන් සිදු වූ හා එලෙස සිදු වෙමින් පවතින මෙවැනි ගැටලු හා ප්‍රචණ්ඩත්වය අප පිටු දැකිය යුතුය.

මෙවැනි සිදුවීම් අපට කිසි ලෙසක අනුමත කළ නොහැකි මෙන්ම මෙවැනි සිදු වීමක් නිසා තිස් වසරක් සාපකරී යුද්ධයෙන් අප මුදවාගත්, වෙඩි තැබීම්, බෝම්බ පිපිරීම් වලින් තොර සමාජයක් නිර්මාණය කල අප සොල්දාදුවන් මෙවැනි සිදු වීමක් තුළින් අපකීර්තියට පත් කිරීමට ද අප ඉඩ ලබා නොදිය යුතුය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට